(නිශාන්ත කුමාර බණ්ඩාර)
තම අතුරුදන්වූවන් පිළිබඳ මෙවර ජිනීවා සමුළුවේදී නැවත වරක් අවධානය යොමු කරවන ලෙස උතුරු නැගෙනහිර අතුරුදන්වූවන්ගේ ඥාතීහු ඉල්ලීමක් කරති.
දිනෙන් දින විවිධ ප්‍රශ්න යොමු කරමින් අතුරුදන්වූවන්ගේ ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට රජය මැදිහත් නොවන බවට ඔවුහු චෝදනා කරති.
දැනට ආරම්භවී ඇති ජිනීවා සමුළුවට නැවත වරක් මේ සම්බන්ධයෙන් කරුණු කාරණා ඉදිරිපත් කිරීමට ඔවුන් උතුෙර් දේශපාලනඥයන්ගේ අවධානය යොමුකර තිබේ.
මේ සම්බන්ධව රජයට බල කරමින් ඔවුන් විසින් පසුගියදා උතුරේ හර්තාල් ව්‍යාපාරයක්ද දියත් කෙරිණ.
මේ සඳහා උතුරු නැගෙනහිර දේශපාලන සහ සිවිල් සංවිධානවලද සහය ලැබී ඇතැයි උතුරේ ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd