හර්ෂ ද සිල්වාගෙන් චෝදනා
(දයාසීලි ලියනගේ)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අඩු පොලියට ණය ලබාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පසුගිය අඟහරුවාදා රුපියල් බිලියන 115 ක මුදලක් අච්චු ගසා ඇතැයි හිටපු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.
මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 400 කට අධික මුදලක් අච්චු ගසා තිබෙන අතර මෙම ක්‍රියා පිළිවෙත නිසා රටේ උද්ධමනය වැඩි වී රුපියලේ අගය අවප්‍රමාණය වීම සිදුවන බව ද ඔහු කීය.
රටේ ආර්ථිකය ස්ථාවර තත්ත්වයට ගෙන ඒම සඳහා වන විසඳුම ශ්‍රී ලංකා මහ බැංකුව නොව භාණ්ඩාගාරය මගින් ලබාදිය යුතුව ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd