IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


හරක්මස් විකුණන මන්ත්‍රීතුමා

 

 

අපේ රටේ ප්‍රධානතම දේශපාලනඥයෙක් අශිෂ්ට සම්පන්න ව්‍යාපාරයකට අත ගසා සිටියි. ඒ හරක් හොරකමයි. එහි ඇති ආදීනව හෝ අන් කිසිම කාරණයකින් හෝ දේශපාලනඥයාට ප්‍රශ්නයක් නැත. ගවයාගේ ඇති මසෙහි බර ප්‍රමාණය පමණක් ඔහුට වැදගත්ය. මසෙහි බර ප්‍රමාණය වැඩිවන්නට වැඩිවන්නට දේශපාලනඥයාට ඇති බැංකු ගිණුම්වල තැන්පත්වන මුදල වැඩිවන්නේය. 


මෙම දේශපාලනඥයා ගව සොරකමට ඍජුව සම්බන්ධ බවට දේශපාලන පක්ෂයකට සම්බන්ධ ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ නමක ප්‍රසිද්ධියේම චෝදනා කළේය. මෙම දේශපාලනඥයාද ගව සොරකමට අත ගසන්නේ ගවමස හොඳ සල්ලි ඉල්ලමක් බව හොඳින් දන්නා නිසාය. දිස්ත්‍රික්කයේ ගවමස් වෙළෙඳසල් සඳහා අවශ්‍ය මස් දේශපාලනඥයාගේ වාහනවලින්ම ලබාගත යුතු බවට ඔහුම නොනිල නීතියක් පැනෙව්වේය. මේ හේතුව නිසා තම වෙළෙඳසල්වලට දේශපාලනඥයාගේ වාහනවලින්ම ගවමස් ලබා ගැනීමට මස් වෙළෙන්දෝ කටයුතු කළහ.


දේශපාලනඥයාට අයත්ව තිබූ ඝන කැලයක පිහිටි ගවයන් මස් කරන ස්ථානයක් පිළිබඳව ජනතාව පොලිසිය දැනුම්වත් කළමුත් පොලිසිය එම ස්ථානයට ආරක්ෂාව දුන්නා මිස නීතිය ක්‍රියාත්මක නොකළේය. ගව සොරකමට එරෙහිව ඇති නීති ක්‍රියාත්මක කිරීම පමණක් නොව සතුන් සම්බන්ධව බල පැවැත්වෙන 1893 අංක 09 දරණ ගෝඝාතන පනත, 1907 අංක 13 දරණ සත්ත්ව හිංසා පනත, 1958 අංක 29 දරණ සත්ත්ව ආඥාපනත අනුව කටයුතු කිරීමෙන්ද පොලිසිය වැළකී සිටියේය.


මෙරට කෘෂිකර්මාන්තය දිරිමත් කළ යුතු බව කියන්නෝද දේශපාලනඥයෝය. අටුකොටු පිරුණු රටක් පිළිබඳව වේදිකාවේදී පමණක් කතා කරන දේශපාලනඥයන්ම ගොවියන්ට ඒ සඳහා දිරිය දෙනු වෙනුවට ඔවුන් සතු ගවයන්ද සොරකම් කර මස් වෙළෙඳාමේ යෙදෙති. දේශපාලනඥයන් ගව සොරකමට නායකත්වය දෙද්දී ඒ මගින් දිරිමත් වන රටේ සෙසු හරක් හොරකම් කරන්නන්ද ගොවිතැන් සඳහා හරකුන් හදන ගොවියන්ගේ ඉතිරි සතුන් ටිකද සොරකම් කරති. දේශීය කිරි අවශ්‍යතාව අපේ රටෙන්ම නිපදවා ගන්නා බවට එම දේශපාලනඥයන්ම කෑ මොර ගැසුවද තවමත් අපේ රටේ කිරි නිපදවෙන්නේ අවශ්‍යතාවෙන් සියයට දහයක් පමණකි.


1978 දී මෙරට එළහරක් ගහනය ලක්ෂ 20 ක් වන අතර එය 2007 දී ලක්ෂ දහතුනකට (13) අඩුවිය. මීහරක් ගහනය 1978 දී ලක්ෂ නවයක් වූ අතර 2007 දී එය ලක්ෂ තුනකට අඩුවිය. වසරකට නීත්‍යානුකූලව මරා දමන ලක්ෂ 02ක් වන ගව ප්‍රමාණයට වඩා නීති විරෝධීව මරා දමන ගවයන් ප්‍රමාණය විශාලය. ඒ සඳහා දේශපාලනඥයන් වැඩි වගකීමක් දැරිය යුතුය.


හොර හරක්මස් වෙළෙඳාම මගින් අති විශාල මුදල් කන්දරාවක් මෙම මැබ්බර් තුමා ඇතුළු පිරිස හම්බකර ගන්නා බව රහසක් නොවේ. ඒ බව ජනතාව හොඳින්ම දනිති. එහෙත් මෙම දේශපාලනඥයන් කවුන්සිලවලට පත්කර යවන මැතිවරණවලදී ඡන්දය දීමේ අයිතිය හරකුන්ට තිබුණි නම් තම වර්ගයා පිළිබඳව සිතා උන් කිසි දිනෙක එවැනි දේශපාලනඥයන් සඳහා ඡන්දය නොදෙන බව ස්ථිරය. එහෙත් සැබෑවටම එම අයිතිය ඇති මිනිසුන් වන අපට මෙවැනි දේශපාලන චරිත ප්‍රතික්ෂේප කිරීමට තවමත් නොහැකිවී ඇත්තේ කුමන කාරණයක් නිසා දැයි ගැටලුසහගතය.


මේ නිසා එම සතාගේ නම සැබෑවටම යෙදිය යුත්තේ ඡන්දය දිනා කවුන්සිලයට යන දේශපාලනඥයාටද ඔහු වෙනුවෙන් ඡන්දය භාවිතකරන අපටදැයි සහතික වශයෙන්ම කිව නොහැකිය.

ආලවකයා



අදහස් (0)

හරක්මස් විකුණන මන්ත්‍රීතුමා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 240 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2093 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site