IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හම්බන්තොට වරාය බදුදෙන කෙටුම්පතේ සැර බාලවෙයි

 

(අජන්ත කුමාර අගලකඩ)
හම්බන්තොට වරාය චයිනා මර්චන්ට් සමාගමට බදුදීමේ සංශෝධිත ගිවිසුමේ කොටුම්පත වරාය අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා යොමුකර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.


වරාය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණහොත් අදාළ ගිවිසුම අනිද්දා (09) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.


හම්බන්තොට වරාය චයිනා මර්චන්ට් සමාගමට බදුදීම සඳහා මුලින් සකස් කරන ලද ගිවිසුමට එල්ල වූ විරෝධතා හේතුවෙන්, එහි සංශෝධන ගණනාවක් සිදුකිරීමට රජය තීරණය කර තිබිණි.


වරාය බදුදීමේ දී සියයට 80ක් චයිනා මර්චන්ට් සමාගමට ද ඉතිරි සියයට 20 වරාය අධිකාරියට ද ලබාදීමට මුලින් තීරණය කර තිබුණද එය චයිනා මර්චන්ට් සමාගමට සියයට 60ක් හා වරාය අධිකාරියට සියයට 40ක් වශයෙන් සංශෝධනය කර ඇතැයි වාර්තාවේ.


වසර 99කට බදුදීමට කර තිබූ යෝජනාව ද වසර 70ක් සහ 29ක් වශයෙන් අදියර දෙකකට ක්‍රියාත්මක කිරීමට ද සංශෝධන ගිවිසුම යටතේ යෝජනා කර ඇතැයි දැන ගන්නට තිබේ.


අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 13 වැනිදා චීනයේ සංචාරයක නිරතවීමට නියමිත අතර, අගමැතිවරයාගේ එම සංචාරයට පෙර වරාය ගිවිසුම සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් ඇතිකර ගැනීම රජයේ අපේක්‍ෂාව වී ඇතැයි ද රජයේ ආරංචි මාර්ග කියයි.

 



අදහස් (0)

හම්බන්තොට වරාය බදුදෙන කෙටුම්පතේ සැර බාලවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site