IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


හම්බන්තොටින් නැව්වලට තෙල් දීමෙන් රටේ ණය බර නිදහස් කරගත හැකියි

 

(දයාසීලි ලියනගේ)  
හම්බන්තොට වරායෙන් නැව්වලට තෙල් විකිණීම දියුණුකර ගතහොත් රටේ ණය බර නිදහස් කරගත හැකි බව වෘත්තීය සමිති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පෙන්වා දී ඇත.  

දිනකට නැව් 300ක් පමණ ප්‍රමාණයක් හම්බන්තොට වරාය අසලින් ගමන් කරනු ලබන අතර එයින් එක් නැවකට තෙල් සැපවුවහොත් රුපියල් මිලියන 4ක ලාභයක් හිමිවන බව ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ කඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා කීය.  


මලක්කා සමුද්‍ර සන්දිය මගහැර කෙටි මගකින් යාමට තායිලන්තය හරහා නාවික ගමනාගමනයට ඇළ මාර්ගයක් කපමින් සිටින අතර ඒ ඔස්සේ නැව් ගමන් කිරීමෙන් කිලෝමීටර් 1200ක දුරක් අඩුවන අතර, ඒ සියලු නැව් හම්බන්තොට වරාය අසලින් ගමන් කරනු ඇතැයි ද ඔහු කීය.  වර්ෂ 2016 අගෝස්තු මාසයේදී පමණක් නැව්වලට තෙල් ටොන් 35000ක් ලබාදීමෙන් වරාය අධිකාරිය රුපියල් බිලියනයක ලාභයක් ලබා තිබූ අතර, ඉන්පසුව හම්බන්තොට වරායෙන් තෙල් නිකුත් කිරීම අත්හිටුවා තිබිණි.  


හම්බන්තොට වරායෙන් නැව්වලට තෙල් නිකුත් කිරීම ආරම්භ කළහොත් රටේ ණය බර පහසුවෙන් නිදහස් විය හැකිවන බවද රාජකරුණා මහතා කීය.  


තෙල් පිරිපහදුව අලුත්වැඩියාවට ඩොලර් මිලියන 2000ක් වැය වන බව ගණන් බලා ඇති අතර, ඒ වැය වන මුදල වසර 5කින් උපයා ගත හැකි බවද ඔහු කීය.



අදහස් (0)

හම්බන්තොටින් නැව්වලට තෙල් දීමෙන් රටේ ණය බර නිදහස් කරගත හැකියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 566 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 422 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site