(අජන්ත කුමාර අගලකඩ)
ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත කර ඇති ඇතැම් ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකලාපය ඉකුත් බදාදා (06) පැවැති කැබිනට් රැස්වීමේදී ආණ්ඩුවේ ඇමැතිවරුන් කිහිප දෙනෙකුගේ ද විවේචනයට ලක්ව ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බදාදා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති කැබිනට් රැස්වීමේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව කටයුතු කරන ආකාරය ඇමැතිවරුන් පිරිසකගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වූ බව එම ආරංචි මාර්ගවලින් පැවසේ.
විදුහල්පතිවරයා පත්කිරීමේ ප්‍රශ්නයකට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීන්දු බලපා ඇතැයි ගාමිණී ජයවික්‍රම පෙරේරා, අකිල විරාජ් කාරියවසම් යන ඇමැතිවරුන් ප්‍රකාශ කර ඇති අතර රාජිත සේනාරත්න ඇමැතිවරයා ද එය අනුමත කරමින් අදහස් දක්වා ඇතැයි වාර්තා වේ.
එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ කොමිෂන් සභා වැඩකරන්න ඉඩ නොදෙන බව තමා ප්‍රකාශ කළේ ද මේ නිසා යැයි සඳහන් කර ඇත.
අනතුරුව ඒ පිළිබඳව පාඨලි චම්පික රණවක ඇමැතිවරයා ද අදහස් දක්වා ඇති අතර ස්වාධීන කොමිෂන් සභා තමන්ගේ සීමාවෙන් පිට පැන කටයුතු කරන්නේ නම් ජනාධිපතිවරයාත් අගමැතිවරයා සහ කතානායකවරයාත්, ඔවුන් කැඳවා ඔවුන්ගේ සීමාවන් පෙන්වා දිය යුතු යැයි යෝජනා කර ඇත.
2025 දෙසැම්බර් මස 04
262
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
403
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ස්වාධීන කොමිෂන් සභා ලොක්කන්ට ඇමැතිවරුන්ගෙන් දෝස් මුරයක්