(නිශාන්ත කුමාර බණ්ඩාර)
පළාත් සභාවට මුදල් නොමැති නිසා උතුරු පළාතේ ව්‍යාපෘති රැසක් අතරමඟ නතර කර ඇතැයි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා අනාවරණය කරයි.
ඇතැම් ව්‍යාපෘතිවල ඉදිකිරීම් කොන්ත‍්‍රාත්කරුවන්ටද හිඟ මුදල් ගෙවා නැතැයි හෙතෙම ප‍්‍රකාශ කළේය.

පළාතේ ජනතාවගෙන් අය කරන බදු මුදල් මධ්‍යම රජයට බැර කළ යුතු අතර මධ්‍යම රජයෙන් පළාතේ සංවර්ධනයට ලබා දෙන්නේ ඒ මුදල්වලින් සුළු ප‍්‍රමාණයක් නිසා මෙම තත්ත්වය උද්ගතව ඇතැයිද ප‍්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.
පළාතෙන් එකතුවන සම්පූර්ණ බදු මුදල පළාත් සභාවට බැර කරන්නේ නම් පළාතේ ජනතාවට මීට වඩා සේවයක් කිරීමට හැකි බවද ප‍්‍රධාන අමාත්‍යවරයා කියයි.
අය කරන බදු මුදල්වලින් කොටසක් මධ්‍යම රජයේ මැති ඇමැතිවරුන්ට ලබාදෙන බවත් ඔවුන් උතුරු පළාතේ කරන ව්‍යාපෘති පළාතේ ජනතාවට කිසිසේත් ගැළපෙන්නේ නැතැයි ද ප‍්‍රධාන අමාත්‍යවරයා අනාවරණය කළේය.
මධ්‍යම රජය පළාතේ දේශපාලනඥයන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නේ නම් උතුරේ ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන මීට වඩා හොඳ සේවාවක් ලබාදිය හැකි බවද විග්නේෂ්වරන් මහතා පැවැසීය.
නිවාස නොමැති උතුරු පළාතේ ජනතාවට ඉන්දියාවේ මැදිහත්වීමෙන් නිවාස ඉදිකිරීමට සැලසුම් කළද මධ්‍යම රජයේ යෝජනා නිසා එම ව්‍යාපෘතියද ඇන හිටි බවත් ප‍්‍රධාන අමාත්‍යවරයා හෙළි කළේය.
2025 නොවැම්බර් මස 21
37
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
148
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1000
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
සල්ලි නැතිව උතුරු පළාතේ වැඩ නැවතිලා