
(දයාසිලි ලියනගේ සහ උපුල් වික්‍රමසිංහ)
සයිටම් අර්බුදයට රජයෙන් ලබාදී ඇති විසඳුම ගැන සෑහීමකට පත්විය නොහැකි නිසා එම ආයතනය වසා දමන ලෙස ඉල්ලා වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය හෙට (6) සිට මාරාන්තික උපවාසයක් කොළඹදී පැවැත්වීමට තීරණය කර ඇත.
සයිටම් ආයතනය වසා දමන ලෙස ඉල්ලා වෛද්‍ය පීඨ සිසුන් මාස 10 ක කාලයක් තිස්සේ පන්ති වර්ජනය කර සිටිති. වෛද්‍ය පීඨ ඉදිරිපිට පවත්වන සත්‍යග්‍රහ ව්‍යාපාරවලට දින 650ක් ඉක්මවා ඇති අතර කොළඹ කොටුවේ පැවැත්වෙන උපවාසයට දින 76ක් ඉක්මවා ඇතැයි දෙමාපිය සංගමයේ සභාපති හේමන්ත ද සිල්වා මහතා කීය.
රජය සයිටම් ආයතනය වසා දමනවා වෙනුවට ලබාදී ඇති ප්‍රෝඩාකාරී විසඳුමට එකඟ නොවන බවද හේමන්ත ද සිල්වා මහතා කීය. මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරැ ළහිරු වීරසේකර ප්‍රකාශ කළේ ඉදිරි සති කීපය ඇතුළත දැවැන්ත විරෝධතා ව්‍යාපාර ගණනාවක් අඛණ්ඩව පවත්වන බවත් මවුපියන්, ගුරුවරුන් හා පාසල් ශිෂ්‍යයන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරන බවත්ය.
2025 දෙසැම්බර් මස 30
12
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘සයිටම් වසව්’ මාරාන්තික උපවාසය හෙට සිට