IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සීනි ආනයන බලපත්‍ර විකුණා රජයට කෝටි 100ක ආදායමක්

(මහින්ද නිශ්ශංක)  

සීමාවකින් තොරව පසුගිය කාලය තුළ මෙරටට සීනි ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම සහ එයට අදාළ දඩ මුදල් අය කිරීමෙන් ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 100කට අධික ආදායමක් උපයා ගෙන ඇතැයි වාර්තා වේ.  

සීනි කිලෝවක ආනයන බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමෙන් පසුව හත් අට දෙනකු වශයෙන් සිටි ආනයනකරුවන් සංඛ්‍යාව 53ක් පමණ දක්වා වැඩිවීමෙන් සීනි ආනයන බලපත්‍ර ප්‍රමාණය ද ඉහළ ගොස් ඇති බවත් දැනගන්නට ඇත.  


ඉකුත් වසරේ ඔක්තෝබර් 13 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සීනි කිලෝවක ආනයන බද්ද ශත 25 දක්වා පහත හෙළීම තුළ සීමාවකින් තොරව සීනි ආනයනය සිදු වූ අතර ඉකුත් මාස 8ක පමණ කාලය තුළ ඔවුන් විසින් සීනි මෙ.ටො. 5,50,000ක පමණ තොගයක් ආනයනය කර ඇති බව ආනයනකරුවන්ගේ ආරංචි මාර්ග සඳහන් කරයි.  
මේ අතර සීනි ආනයනය ඉකුත් 22 වැනිදා සිට යළි තහනම් කර ඇති අතර මේ වනවිට ආනයනකරුවන් සතුව මාස 3කට ප්‍රමාණවත් සීනි තොග තිබෙන බව ද වාර්තා වේ.  

 



අදහස් (0)

සීනි ආනයන බලපත්‍ර විකුණා රජයට කෝටි 100ක ආදායමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site