හවුල්කාර පක්ෂවලින් ජනපතිට ඉල්ලීමක්
(අජන්ත කුමාර අගලකඩ)
ඉකුත් මහ මැතිවරණයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලිකත්වයෙන් පිහිටුවන ලද ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යළි සක්‍රිය කරන්නැයි ආණ්ඩුවේ නායකයන්ගෙන් ඉල්ලීමක් කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ තීරණය කර ඇතැයි වාර්තා වේ.
අාණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක නායකයන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රීලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ ඉකුත් බදාදා පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.
ඉකුත් මහ මැතිවරණයට පෙර පොදුජන පෙරමුණේ මූලිකත්වයෙන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය, සමසමාජ පක්ෂය පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ඇතුළු පක්ෂ ගණනාවක සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් නව සන්ධානයක් පිහිටුවනු ලැබූ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහි නායකත්වයට පත්විය. එම සන්ධානයේ සභාපති ධුරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මහ ලේකම් ධුරයට, පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ද පත්කරගනු ලැබූහ.
එම සන්ධානය මැතිවරණයෙන් පසුව රැස්වී නොමැති බැවින් සන්ධානයේ හවුල්කාර පක්ෂවල අභ්‍යන්තර සාකච්ඡාවකට ඉඩක් නොලැබුණ බව කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ ඉකුත්දා පැවැති සාකච්ඡාවේදී පක්ෂ නායකයන් පෙන්වා දී ඇතැයි වාර්තාවේ.
එබැවින් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යළි සක්‍රීය කර සන්ධානයේ පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවක් සතියකට හෝ දෙකකට වරක් පවත්වන්නැයි ආණ්ඩුවේ නායකයන්ගෙන් ඉල්ලා සිටීමට එහිදී තීරණය වී ඇතැයි දැනගන්නට තිබේ.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (19) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ අතර එහිදී මෙම යෝජනාව ජනාධිපතිවරයාටද ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව පක්ෂ නායකයෙක් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
433
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකා පොදුජන සන්ධානයට යළි පණ දෙන්න හදයි