(අජන්ත කුමාර අගලකඩ) 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට යෝජිත පුළුල් ජාතික සන්ධානය පිළිබඳ සාකච්ඡා සතිපතා පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
පක්ෂ දෙක අතර, පළමු නිල සාකච්ඡාව ඉකුත් බ්‍රහස්පතින්දා (14) විපක්ෂනායක කාර්යාලයේදී පැවැති අතර එහි දෙවන සාකච්ඡාව ලබන බ්‍රහස්පතින්දා (21) පැවැත්වේ. දෙපාර්ශ්වය විසින්ම ඉදිරිපත් කරන ලද න්‍යාය පත්‍ර දෙක සැලකිල්ලට ගනිමින්, සාකච්ඡා සඳහා පොදු න්‍යාය පත්‍රයක් සකස් කරගෙන ඇති අතර, ඊට අනුව ඉදිරි සාකච්ඡා කරගෙන යන බව එම සාකච්ඡාවට සහභාගි වූ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd