ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනෙක් ඇතුලුව සිව් දෙනෙක් ඇමැති තනතුරුවලින් ඉවත්වී ඉදිරි දින කීපය තුළ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ ෙවන බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
රජයේ පාර්ශ්වය හා ඒකාබද්ධ විපක්ෂය එක්වී පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා වන සාකච්ඡා අසාර්ථක වන තත්ත්වයක් උදාවී තිබෙන නිසා මොවුන් මෙම තීරණය ගන්නා බව වාර්තාවේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රථමයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්විය යුතු බවට ඒකාබද්ධය කොන්දේසි ඉදිරිපත් කර තිබෙන අතර එක්සත් ජාතික පක්ෂය සමඟ වෙන්වීම අවශ්‍ය වුවත් ජනාධිපතිවරයා තනිකර එවැනි තීන්දුවකට එළැඹීමේ අසීරුතාවය රජයේ පාර්ශ්වයේ සාකච්ඡාවට භාජනය වී ඇත. මේ තත්ත්වය නිසා ඉදිරි පළාත් පාලන ඡන්දයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන්වී තරග කිරීමට සිදුවීම හා පාක්ෂිකයන්ගේ ඉල්ලීම මත මෙම ඇමැතිවරුන් රජයෙන් ඉවත්වන බව දැන ගන්නට ඇත.
ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නිමල් ලංසා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමේදී ප්‍රකාශ කළේ දෙසැම්බර් මාසය වනතෙක් සිටින ලෙසට ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන නිසා ඒ ගැන බලා සිටින බවයි. ඇමැතිවරු පිරිසක් ඒකාබද්ධයට එකතුවන බව කියන කතාව කාලයක් තිස්සේ කතාවන එකක් බවද ඔහු කීය.
ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාගෙන් කළ විමසීමේදී ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීම සුදුසු බව වැඩි දෙනාගේ මතය වී ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
426
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රීලනිපයේ හතරක් ඡන්දෙට පෙර මහින්ද ළඟට