(අජන්ත කුමාර අගලකඩ)
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන්ද තීරණයකට පැමිණ ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග කියයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ළඟදී මුණ ගැසී මෙම තීරණය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට ආණ්ඩුවේ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් කණ්ඩායම සූදානමින් සිටින බවද ආරංචි මාර්ගවලින් පැවසේ.
කරුණානායක මහතාට එරෙහිව එල්ලවී ඇති චෝදනා හමුවේ ඔහු ආරක්ෂා කිරීම වෙනුවෙන් කිසිදු ආකාරයකින් හෝ පෙනී නොසිටිය යුතු බව ඔවුන්ගේ අදහස වී ඇතැයි දැන ගන්නට තිබේ.
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් රවි කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ඉකුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහ. කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒන්නේ නම් අත් දෙකම ඔසවා සහාය පළ කරන බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ගිය සතියේ කුරුණෑගල පැවැති රැස්වීමකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.
ආණ්ඩුවේ සිටින අනෙකුත් ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ද තවමත් එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළද රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ඊට සහාය පළ කිරීමට ඔවුන් තීරණයකට පැමිණ ඇති බව වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd