IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


වැලි කියුබ් ලක්ෂ 30ක් රටින් ගෙනෙයි

(සමන්තිකා මාධවී)   
සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය වැලි ප්‍රථම වරට පිටරටින් ගෙන ඒමට සැලසුම් කර ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

කොළඹ නගරය ආශ්‍රිත කඩිනම් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සඳහා අවශ්‍ය වැලි කියුබ් මිලියන තුනකට වැඩි ප්‍රමාණයක් මෙලෙස ආනයනයට සැලසුම්කොට ඇති බව එම කාර්යාංශයේ කැණීම් අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඉංජිනේරු සජ්ජන ද සිල්වා මහතා සඳහන් කරයි.


කඩිනම් සංවර්ධන වැඩසටහන් සඳහා අවශ්‍ය වැලි, ගංගාවලින් ලබා ගැනීමෙන් ඇතිවෙන පරිසර හානිය සහ ඒ ඔස්සේ සිදුවිය හැකි වැලි කැණීම් අක්‍රමිකතා මඟහරවා ගැනීමට අදාළ පියවර යොදන බවට ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.   


පෝට් සිටි ව්‍යාපෘතිය ඇතුළු කොළඹ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් නිසා අවශ්‍ය වැලි ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පැවැතීමත් කොළඹ ආශ්‍රිත අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාණය දිනෙන් දින ඉහළ යෑමත් යනාදිය මෙලෙස ඉල්ලුම වැඩිවීමට බලපා තිබේ.  වැලි ආනයනය සඳහා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා පවත්වා ඇති බවත් අවශ්‍ය වැලි කඩිනමින් සපයා ගැනීමට කටයුතු කරන බවත් ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

   



අදහස් (0)

වැලි කියුබ් ලක්ෂ 30ක් රටින් ගෙනෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 277 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 408 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site