IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වරායේ ටග් යාත්‍රා ටෙන්ඩරය අත යටින් දෙන මගඩියක්

(බිඟුන් මේනක ගමගේ)  

කොළඹ වරායේ යාත්‍රා ඇදගෙන යාමේ සේවය සැපයීම සඳහා වූ ටග් යාත්‍රා ටෙන්ඩරයක් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් වැඩි මිලක් ඉදිපත් කළ ලංසුකරුට ලබා දීමට වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින්නේ යැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.  

තුන් අවුරුදු කාලයකට අද‌ාළ මෙම ටෙන්ඩරය සඳහා අවම මිලක් සහිතව ලංසුව ඉදිරිපත් කර ඇත්තේ ඉන්දියාවේ විශාලතම වරාය මෙහෙයුම් සහ නාවික සේවා සමාගමක් වන ඕෂන් ස්පාර්ක්ල් සමාගම වන අතර ඔවුන් 2010 සිට 2016 වසර දක්වා මෙම සේවා සැපයුම්කරු හැටියට කටයුතු කර ඇත.  


 සිය ලංසුව අසාධාරණ ලෙස ප්‍රතික්ෂේප කළ බව කියමින් ඕෂන් ස්පාර්කල් සමාගම ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයට අභියාචනයක් ද කර ඇති අතර ලංසුව ප්‍රතික්ෂේප කිරීමට අමාත්‍යාංශය යොද‌ාගෙන ඇති නිර්ණායක ටෙන්ඩරය කැඳවන අවස්ථාවේ නිර්ණායක හැටියට සලකා තිබුණේ නැතැයි එම අභියාචනයේ සඳහන් වේ.  


ඒ අනුව මේ සම්බන්ධයෙන් සොයා බැලූ ප්‍රසම්පාදන අභියාචනා කමිටුව මෙම ලංසුව ප්‍රතික්ෂේප කිරීමට ගත් තීන්දුව වැරැදි බව නිගමනය කර ඒ බව වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශ ලේකම් එල්.පී. ජයම්පති මහතාට හා කැබිනට් මණ්ඩලයට දන්වා තිබේ.  


එහෙත් ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩල තීන්දුව ද නොසලකා හරිමින් කටයුතු කිරීමට වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.  


 මේ නිසා ඕෂන් ස්පාර්කල් සමාගම ජාතික ප්‍රසම්පාදන කොමිසමට ද මේ ගැන පැමිණිලි කර ඇත.  


 මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ජාතික ප්‍රසම්පාදන කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුවේ කොමිසමේ කාර්යාලය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ශාලාවේ සිට බත්තරමුල්ල දක්වා ගෙන ගිය බැවින් මෑත කාලයේ ලද අභියාචනා කීපයක් විමර්ශන කටයුතු තවම ආරම්භ කළේ නැති බවයි.  


එම පැමිණිල්ල ගැන සොයා බලා දැනුම් දිය හැකි යැයි ද එම නිලධාරියා කීවේය.  


ඕෂන් ස්පාර්කල් සමාගම මේ ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ද ලිපියක් මගින් පැමිණිලි කර ඇත. 



අදහස් (0)

වරායේ ටග් යාත්‍රා ටෙන්ඩරය අත යටින් දෙන මගඩියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site