(දයාසීලි ලියනගේ)
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක ඉකුත් දින කිහිපයේ ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් සිදුවූ අලාභ හානිවලට වන්දි ගෙවීමේ කටයුතු ඉදිරි මාස දෙක ඇතුළත සිදු කිරීමට මහනුවර දිස්ත්‍රික්කයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී තීරණය විය.
එහිදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
මධ්‍යම පළාත් ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවක නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ දිස්ත්‍රික් ලේකම් එම්.එම්.පී. හිටිසේකර යන මහත්වරු ඇතුළු දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් ආරක්ෂක මණ්ඩල රැස්වීම පැවැත්විණි. ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම හා අලාභ හානිවලට වන්දි ගෙවීම් පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය වී ඇති බව සඳහන් වේ.
වන්දි ගෙවීම් පිළිබඳ තක්සේරු වාර්තා ලබා ගැනීම දිසාපති කාර්යාලයට පවරා ඇති අතර ප්‍රදේශයේ ජනතාව අසීරුවට පත් නොවෙන ආකාරයට ඉදිරි මාස දෙක ඇතුළතදී වන්දි ලබා දීමට පියවර ගන්නා ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇති බව ද මෙහිදී අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වන්දි ගෙවීම මාස දෙකකින්