(අජන්ත කුමාර අගලකඩ)
ඉන්ධන මිල ඉහළ දැමීමට සමගාමීව විදුලිය සහ ජල ගාස්තු ද ඉහළ දැමීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.

ඩීසල්, පෙට්‍රල් හා භූමිතෙල් මිල ඉහළ දැමීමට සාපේක්ෂව දැවිතෙල් මිල ගණන් ද ඉහළ යන බැවින් විදුලිය ගාස්තු ද ඉහළ දැමීමට සිදුවනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැවි තෙල් ලීටරයක් රුපියල් 80 ක පමණ මිලකට විදුලිබල මණ්ඩලයට දැනට සපයන අතර නව මිල ගණන් අනුව දැවි තෙල් ලීටරයක මිල රුපියල් 90 ක් පමණ වනු ඇතැයි ඔහු සඳහන් කළේය.
දැවි තෙල් සඳහා යන පිරිවැය වැඩිවන බැවින් විදුලිය ගාස්තු වැඩිකිරීම හැර වෙන විකල්පයක් නොමැති බව ද ඔහු සඳහන් කළේය.
මේ අතර ජල ගාස්තු වැඩි කළ යුතු බව ජල සම්පාදන හා නගර සැලසුම් ඇමැති රාවුෆ් හකීම් මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇතැයි වාර්තා වේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා පැවැති කැබිනට් රැස්වීමේදී රාවුෆ් හකීම් ඇමැතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචිමාර්ග කියයි.
ජල බිල වැඩිකිරීම සම්බන්ධයෙන් කාලයක සිට කතා කරන නමුත් විසඳුමක් ලැබී නැතැයි පවසා ඇති ඇමැතිවරයා ජල බිල වැඩි කිරීම පිළිබඳව සලකා බලන්නැයි නැවත ඉල්ලීමක් කර ඇත.
ඇමැති හකීම් මහතා මෙම යෝජනාව කර ඇත්තේ ඉන්ධන මිල වැඩිකළ යුතු බවට ඉදිරිපත් වූ යෝජනාව පිළිබඳව සාකච්ඡා කළ අවස්ථාවේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් හොදයි 255 ක් නඩත්තු කරන්න එපැයි අපි. ඉතින් වැඩි කරන්න.
පින්ගුත්තරයෝ 225 ම දුක කෙසේ වෙතත් සියලු සුරසැප ( කිතුල්ගස් කලන්තයද ඇතුළුව) සාමාන්‍ය ජනතාව බදු ගෙවපියවුකෝ.....