(උපුල් වික්‍රමසිංහ)
පුරප්පාඩු වී පවතින ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය සඳහා සුදුසු පුද්ගලයකු මෙතෙක් පත් කර නැති බැවින් එම සභාවේ කටයුතු මන්දගාමී වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
මේ අනුව වෛද්‍ය සභාව මගින් සිදු කරන මූලික කාර්යයන් වන නව වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීම, වෛද්‍යවරුන් නියාමනය කිරීම සහ වෛද්‍ය අධ්‍යපනයේ ප්‍රමිතිය පවත්වාගෙන යෑම යන ඒවාට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි දැනගන්නට ඇත.
මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතාගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ වෛද්‍ය සභාවේ සභාපති ධුරය සඳහා මධ්‍යස්ථ පුද්ගලයකු පත් කළ යුතු වුවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මාලඹේ සයිටම් ආයතනයට පක්ෂ දෙදෙනකුගේ නම් මේ සඳහා යෝජනා කරමින් නිල කාල දෙකකට ඔවුන් පත් කිරීමේ උත්සාහයක නිරත වන බවත් තම සංගමය ඊට තරයේ විරුද්ධ බවත්ය.
අප මේ පිළිබඳව විමසීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීම සඳහා කීපවරක්ම උත්සාහ කළ ද ඒවා අසාර්ථක විය. වෛද්‍ය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ධුර කාලය ඉකුත් ජුනි මස අවසන්වීමත් සමග සභාපති ධුරය පුරප්පාඩු විය.
2025 දෙසැම්බර් මස 18
389
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
227
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1020
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෛද්‍ය සභාවේ ලොකු පුටුව හිස්වෙලා මාස දෙකයි!