(නිශාන්ත කුමාර බණ්ඩාර)
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳ මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නැතත් මාර්තු මාසයේදී එම වැටුප ලබාදෙනු ඇතැයි විශ්වාස කෙරෙන බව කඳුරට ජනතා පෙරමුණ පවසයි.
එසේ ලබා දෙන්නේ නම් එය වතු කම්කරු ජනතාවට ලබාදෙන විශාල සහනයක් බවත් එසේ ලබා දෙන්නේ නම් රජයට ස්තූතිය පළකරන බවත් එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතා පැවැසීය.
මෙය දීර්ඝ කාලයක් පුරා පවතින ප්‍රශ්නයක් බවත් ජනාධිපතිවරයා විසින් එම වැටුප් ලබාදීමට දුන් පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු සඳහන් කළේය.
මේ අතර වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම පිළිබඳ අවධානයෙන් සිටින බවත් පොරොන්දුවූ පරිදි වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම ඉටුකරනු ඇතැයි බලාපොරොත්තු වන බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
80
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
938
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වතු කම්කරු වැටුප් වැඩි කිරීම මාර්තුවේ?