IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රන් මිශ්‍ර පස් අපනයන පිටුපස රේගු නිලධාරියකු ගැන සැකයක්?

(ශිරාන් රණසිංහ) 

රුපියල් කෝටි ගණනක් වටිනා රන් කැබැලි මිශ්‍ර පස් අපනයනය සඳහා ශ්‍රී ලංකා රේගුව භාවිතයට ගෙන ඇති (HS 7112.30.10 දරන) සංකේත අංකය භාණ්ඩ අපනයනය සඳහා නොව ආනයනයට අද‌ාළ සංකේතයක් යැයි ඒ පිළිබඳ ජනාධිපති විමර්ශන ඒකකය සිදුකරන පරීක්ෂණ වලදී හෙළි වී තිබේ. 

 

මෙම සංකේතය භාවිතයට ගත්තේ ශ්‍රී ලංකා රේගුවේ ප්‍රමාද දෝෂයක් නිසාද නොඑසේ නම් කිසියම් නිලධාරියකු හිතාමතාම සිදුකර ඇති වෙනස් කමක් නිසාද යන්න පිළිබඳව අප්‍රමාදව ජනාධිපති විමර්ශන ඒකකයට දන්වන ලෙස ද ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය දැනුම් දී ඇත. 


මෙම රන් මිශ්‍ර පස් අපනයන සිද්ධියේදී ශ්‍රී ලංකා රේගුව මගින් බහලුම් 4 ක් සඳහා රුපියල් පනස් ලක්ෂයක දඩ මුදලක් අය කරගෙන ඇත. ඒ වෙනවිටත් බහලුම් 51 ක් අපනයන කර තිබූ බවත් එම බහලුම් 51 සඳහා ඉහත අය කරගත් රුපියල් පනස් ලක්ෂයක දඩ මුදල තුළම ලක්ෂ දහයක මුදලක් අයකර ගැනීම ප්‍රමාණාත්මකව නොගැළපෙන බව ද ජනාධිපති විමර්ශන ඒකකය කරුණු පැහැදිලි කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා රේගුවට කළ දැනුම් දීමේ දැක්වේ. 


ජනාධිපති විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ රූබන් වික්‍රමආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ විධිමත් පරරීක්ෂණයක් ආරම්භ වී ඇති අතර එ් මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත. 
1992 අංක 33 දරන භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශ පනතේ 13 (2) 1 (ඈ) වගන්තියට ප්‍රකාරව ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා අවසර ගත යුතුය. 


ශ්‍රී ලංකා රේගුව හරහා මීට පෙර අපනයනය කර ඇති රන් කැබැලි මිශ්‍ර පස් බහලුම් සඳහා විධිමත් බලපත්‍ර රේගුව පරික්ෂා කර ඇත්නම් එම සටහන් එවන ලෙස ද ජනාධිපති විමර්ශන ඒකකය රේගුවට දැනුම් දී ඇත. 
 රන් මිශ්‍ර පස් අපනයනයට අද‌ාළව ජනාධිපති විමර්ශන ඒකකය තවදුරටත් විමර්ශන සිදුකරයි.

 

 



අදහස් (0)

රන් මිශ්‍ර පස් අපනයන පිටුපස රේගු නිලධාරියකු ගැන සැකයක්?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site