IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රතුපස්වල සිද්ධියට හමුදාවේ 3ක් රිමාන්ඞ්

(ටෝනි කරුණානායක සහ තරිඳු ජයවර්ධන)
ගම්පහ, රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්වාසීන්ට වෙඩි තබා තිදෙනකු මරාදැමීමේ සිද්ධියට සැකපිට රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් යුද හමුදා සාමාජිකයන් තුන් දෙනෙක්  ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් වසන්තා ගුණසේකර මහත්මිය විසින් අප්‍රේල් තුන්වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබුවාය.


එලෙස රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවා බළකායේ මාණ්ඩලික සැරයන්වරයකු සහ පාබල හමුදාවේ සැරයන්වරයකු සහ කෝප්‍රල්වරයෙකි. 


අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා විසින් රැගෙන එනු ලැබූ  ටී 56 ගිනි අවි සහ අපරාධය සිදුවූ ස්ථානයේ තිබූ හිස් උණ්ඩ කොපු කිහිපයක් සැසඳෙන බව රජයේ රස පරීක්ෂක දන්වා ඇතැයි සැකකරුවන්
තිදෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා පැවසීය. 


වැලිවේරියේ, රතුපස්වල ජල ප්‍රශ්නයකට විසඳුම් ඉල්ලා පැවැති උද්ඝෝෂණයකට 2013 අගොස්තු පළමු වැනිදා වැලිවේරිය නගරයේදී යුද හමුදාවෙන් වෙඩි තැබීමෙන් සහ පහරදීමෙන් තිදෙනෙක් මියගොස් 50කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. 


රමිල රවිශාන් පෙරේරා සහ අඛිල දිනේෂ් යන පාසල් සිසුන් දෙදෙනා වෙඩි වැදී මිය ගිය අතර නිලන්ත පුෂ්පකුමාර පහරදීමකින් වූ තුවාල නිසා මියගොස් ඇතැයි රහස් පොලිසිය මීට පෙර අධිකරණයට දන්වා තිබිණි.


මිනීමැරීම සහ මිනීමැරීමට තැත් කිරීම යන චෝදනා යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. සැකකරුවන් තිදෙනා වෙනුවෙන් පෙනීසිටි නීතීඥ සංජලා වන්නිආරච්චි මෙනවිය පවසා සිටියේ කලබලය වූ ස්ථානයේ පොලිසියටත් තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වූ බවයි. මෙම නිලධාරීන් එම අවස්ථාවේ අහසට වෙඩි තැබුවාදැයි සැකයක් ඇතැයි නීතීඥවරිය කීවාය.



අදහස් (1)

රතුපස්වල සිද්ධියට හමුදාවේ 3ක් රිමාන්ඞ්

Ravindrs Wednesday, 29 March 2017 05:19 AM

එහෙම හොදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 809 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site