
(අජන්ත කුමාර අගලකඩ)
ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග රාජ්‍ය ආයතනවල කටයුතු අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.
රාජ්‍ය ආයතනවල සියලු සේවකයන් ගෙන්වා ගැනීම රාජ්‍ය ආයතනවලට ජනතාව රැස්වීම මෙන්ම, රාජ්‍ය සේවකයන්ගේ ප්‍රවාහනය කිරීම යනාදිය කොරෝනා වයිරසය ව්‍යාප්තවීමට හේතු විය හැකි බැවින්, මෙලෙස අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට රජය අපේක්ෂා කරන බව පැවැසේ.
ඒ අනුව, රාජ්‍ය සේවකයන් සීමිත පිරිසක් ගෙන්වා ගනිමින්, රාජ්‍ය ආයතනවල සේවා පවත්වාගෙන යාමට රජයේ අවධානය යොමු වී ඇත. එම සේවකයන්ටද මුහුණු ආවරණ පැළඳීම ආදිය අනිවාර්ය කෙරෙනු ඇත.
ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සැපයීම සම්බන්ධයෙන් මතුවන ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රවාහන බලධාරීන්ගේ සහභාගිත්වයෙන් පෙරේදා (17) පවත්වා ඇත.
මේ අතර රජයේ සහ පෞද්ගලික අංශයේ කටයුතු ඉදිරි දින කිහිපයේ ආරම්භ කිරීමට කටයුතු යොදන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට ඉකුත් බදාදා (15) උපදෙස් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
574
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජයේ කාර්යාල ඇරඹීම අදියර කිහිපයකින්