IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


යොහානිගේ තවත් ප්‍රසංගයක් අද ඉන්දියාවේදී

‘‘මැණිකේ මගේ හිතේ’’ ගීතය ගයමින් ලොව පුරා අතිශයින් ජනප්‍රිය ප්‍රතිචාරයක් ලැබූ ශ්‍රී ලාංකික ගායිකා යොහානි ද සිල්වා ගේ තවත් ප්‍රසංගයක් ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේදී අද (ඉරිදා) පැවැත්වේ.  


යොහානි ඉකුත් බ්‍රහස්පතින්දා ඉන්දියාවේදී පැවැත් වූ ප්‍රථම ප්‍රසංගයට අතිවිශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබිණ.  

 


 

​යොහානිගේ ඉන්දීය ප්‍රසංගයට අතිවිශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්

 

කෝටි 13.2 කට වැඩි යූ ටියුබ් නැරඹුම් වාර හිමි “මැණිකේ මගේ හිතේ” ප්‍රති නිර්මාණ ගීතය ගැයීම නිසා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම අතිශය ජනප්‍රිය වූ මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානි ද සිල්වා සිය ප්‍රථම සංගීත  ප්‍රසංගය පසුගිය බ්‍රහස්පතින්දා (30) ඉන්දියාවේ හර්යානා හී ගුරුග්‍රෑම් නගරයේදී පැවැත්වූයේ ශ්‍රී  ලංකාව නැමැති මේ පුංචි රට තවත් බබළවමිනි.


ජාත්‍යන්තරයට අවශ්‍ය ශ්‍රී ලාංකික සංගීත  සන්නාමකරුවෙකු ලෙසින් ඉන්දියාවේදී අභිසෙස් ලැබූ ඇය අද (03) දිනයේදීත් හයිද්‍රබාද් නගරයේ හාට් කප් අවන්හලේදී සංගීත ප්‍රසංගයකට සහභාගී වන්නේ දෙවැනි වරට වීම විශේෂත්වයකි. ඉන්දියාවේ ප්‍රකට ජනමාධ්‍ය ආයතනයක් වන සී ලයිව් ඉන්ඩියා සමාගම හා සූපර් මූන් යන ආයතන යොහානි ගේ මෙම සංගීත ප්‍රසංග දෙක සංවිධානය කළ මෙම ප්‍රසංග සදහා යොහානි සමග මෙරට සංගීත කණ්ඩායමක් වන ''ලුනු මියුසික් '' කණ්ඩායමේ සාමාජිකයෝ එක් වූහ.


ගුරුග්‍රෑම් නගරයේ සංගීත ප්‍රසංගය සදහා වඩාත් සුප්‍රසිද්ධ හී ස්ටූඩියෝ එක්ස් ඔ අවන්හලේ දී ඉකුත් 30 වැනිදා පැවති ප්‍රසංගය  යොහානිට කැමති තරුණ - වැඩිහිටි සංගීත ලෝලීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවතියේ ඇය මෑත කාලීනව ජනප්‍රිය වූ ලාංකිකයා වශයෙනි. ඉන්දියාවේ පැවති යොහානි ගේ පළමු සංගීත ප්‍රසංගය ඉන්දීය සමස්ත ඉන්දීය සංගීත ලෝලීන්ගේ නෙත් සිත් පැහැර ගනු ලැබුවේ ගායනය, වාදනය, තර්තනය යන සෑම දක්ෂතාවයකින්ම ඇය පිරිපුන් නිසාය. එම සංගීත ප්‍රසංගයට පෙර ඇය ඉන්දියාවේ රෙඩ් එෆ්.එම් ගුවන් විදුලි නාලිකාව සමග සජීවි වැඩ සටහනකට එක් වෙමින් ඉන්දීය ප්‍රේක්ෂකයින්ට ස්තූතිය පළ කිරීමට අමතක නොකළාය.


අතිවිශාල රසික ප්‍රතිචාර මැද්දේ යොහානි සිය ප්‍රථම  බොලිවුඩ්  චිත්‍රපට පසුබිම් ගායනයට ද මේ වන විට පිවිස සිටින්නේ ඉන්දියාවේ ප්‍රකට සංගීත හා  බොලිවුඩ් චිත්‍රපට නිෂ්පදන සමාගමක්  වූ  ටී- සීරිස් ආයතනය විසින් නිෂ්පාදනය කළ, චිත්‍රපට අධ්‍යක්ෂක කුනාල් දේශ්මුක් විසින් අධ්‍යක්ෂණය කළ ''ෂිද්දත්' හින්දි චිත්‍රපටයේ  නිල තේමා ගීතයේ කාන්තා අනුවාදනයේ පසුබිම්  ගායිකාව ලෙසිනි. 


මිලියන 2.53 ක ග්‍රාහකයින් සිටින යොහානි සිය යූ ටියුබ් චැනලය ඔස්සේ ඉකුත් 28 අන්තර්ජාලයට එක් කර ඇති අතර එය එළි දක්වා දෙදිනක් තුළ ප්‍රේක්ෂකයින් ලක්ෂ 31 ක් ඇයගේ මෙම බොලිවුඩ් චිත්‍රපට ගීතය නැරඹූහ. මෙම ගීතයේ නිල පසුබිම් ගායකයා  සහ සංගීත අධ්‍යක්ෂක ලෙස ඉන්දීය ගායක මානන් බාරද්වාජ් කටයුතු කරනු ලබයි. 


යොහානි ගායනා කරන හින්දි චිත්‍රපටයේ නිල තේමා ගීතය ටී සිරීස් ආයතනය ද සිය නිල යූ ටියුබ් චැනල ඔස්සේ එළි දක්වා තිබුණි. ටී සීරිස් ආයතනය ඉදිරියේදී යොහානි ද සිල්වා සමග නව සංගීත නිර්මාණ රැසක් සිදු කිරීමට බලාපොරොත්තු වෙන් සිටින බවද සදහන් වේ.


ඉන්දියාවේ කෝටිපති ව්‍යාපාරික භූෂන් කුමාර් හිමිකාරීත්වය දරණ ටී සීරීස් ආයතනය ලෝක ප්‍රකට සංගීත සහ චිත්‍රපට නිර්මාණ ආයතනයකි. ඉන්දියාවේ සංගීත වෙළෙඳපොළේ සියයට තිස් පහක කොටසක් හිමි කරගෙන සිටින ‘ටී සීරිස්’ සමාගමට මිලියන එකසිය අනූ එකක පරිශීලකයන් සහ මිලියන එකසිය හැට දෙකක නරඹන්නන් සංඛාවක් සහිත ලෝකයේ සිව්වැනි ස්ථානයේ ඇති යූ ටියුබ් නාලිකාවක හිමිකාරීත්වය ඇත.


සැම විටම ඉන්දියාවේ ප්‍රසංගයක් පැවැත්වීමට තමාට අවශ්‍ය වූ බවත්,  අවසානයේ එය සිදු වූවා යැයි තමාට විශ්වාස කළ නොහැකි බවත් “මැණිකේ මගේ හිතේ” ගීතයේ ප්‍රතිනිර්මාණය  කෙරෙහි ඉන්දීය ජනතාව  දැක්වූ ආකර්ශනය තමාට  තවමත් අදහාගත නොහැකි කාරණයක් බව ඇය කියා සිටින්නීය.


මේ අතර ගායිකා යොහානි ද සිල්වා ගැන ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර නවතම සංස්කෘතික තානාපතිනිය යොහානි ද සිල්වා වන බවත්, ඇය මේ වන විට ඉන්දියාවේ ජාතික රූපවාහිනි නාලිකාවන් හි පෙනී සිටීම අභිමානවත් මොහොතක් බවත්ය. 


නව පරපුරේ ගායක සතීශන් රත්නායකගේ ගීතයක් වූ “මැණිකේ මගේ හිතේ” ගීතය ප්‍රති ගායනය කළ යොහානි සහ සතීශාන්  ඉකුත් මැයි 21 වැනිදා එය යූ ටියුබ් ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරියහ. එම ගීතය  නිසා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම අතිශය ජනප්‍රිය වූ යොහානි ගේ යූ ටියුබ් චැනලයද මෙරට පෞද්ගලික විනෝදාත්මක යූටියුබ් චැනලයක් සතු වැඩිම ග්‍රාහකයන් පිරිස ලබා ගැනීමට සමත් වී ඇති අතර මේ වනවිට යොහානිගේ යූටියුබ්   චැනලය නරඹන සමස්ත ප්‍රේක්ෂකයින් ගණන  මිලියන 2.63ක් ලෙසින් වාර්තා වේ.


බොලිවුඩ් සිනමා ක්ෂේත්‍රයට රංගනයෙන් ලාංකික සම්භවයෙන් යුතු ජැකලීන් ෆර්ඩිනැන්ඩස්ට පසුව බොලිවුඩ් චිත්‍රපට කර්මාන්තයට සංගීත හා ගායනා අංශයෙන් ඉදිරිපත් වූ මෑත කාලයේ ලංකාවේ ජාත්‍යන්තර සන්නාමය යොහානිය.  

 

 සටහන - තිළිණි ද සිල්වා



අදහස් (0)

යොහානිගේ තවත් ප්‍රසංගයක් අද ඉන්දියාවේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 179 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 247 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1124 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site