(දයාසීලි ලියනගේ)
මාර්තු මුල් සතියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වෙන දින වකවානු තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිසම අනිද්දා (19) රැස්වී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
පාර්ලිමේන්තුව විසුරුවා දින 14ක් ඇතුළත නාමයෝජනා කැඳවිය යුතු අතර එයින් සති 6ක් ඇතුළත ඡන්දය පැවැත්වීමට නියමිතව ඇත.
එ් අනුව අප්‍රේල් 28 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි.
නව පාර්ලිමේන්තුව මැයි මස 19 වැනිදා රැස්වනු ඇතැයි විශ්‍වාස කෙරේ.
මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ඉදිරි මැතිවරණය පැවැත්වීම සඳහා නියමිත දින වකවානු පිළිබඳව මැතිවරණ කොමිසමෙන් උපදෙස් ඉල්ලා ඇති බවද වාර්තා වේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.