
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මහනුවර මහ රෝහලේ වකුගඩු ඇතුළු ශරීර අයවය බද්ධ කිරීමේ ශල්‍යකර්ම ඉකුත් 28 වැනිදා සිට තාවකාලිකව නතර කිරීම නිසා වකුගඩු බද්ධ කිරීමේ පොරොත්තු ලේඛනයේ සිටින 100 දෙනකුගේ පමණ ජීවිත දැඩි අනතුරකට ලක්වී ඇති බව රෝහල් ආරංචිමාර්ග කියයි.
මේ නිසා මොළය මිය ගිය අයගෙන් ලබාගන්නා ශරීර අවයව ලබා ගැනීමට ද තාවකාලිකව නතර කර තිබේ.
වකුගඩු ඇතුළු ශරීර අවයව බද්ධ කළ රෝගීන් අනිවාර්යයෙන්ම ගතයුතු ඖෂධ වර්ග දෙකක් මාස දෙකක පමණ කාලයක් තිස්සේ මහනුවර මහ රෝහලේ නොමැති නිසා එම ඖෂධ වර්ග දෙක ලැබෙන තෙක් මෙම ශල්‍යකර්ම තාවකාලිකව නතර කිරීමට සිදු වූ බව එම රෝහල් ආරංචිමාර්ග කියයි.
මෙම අත්‍යවශ්‍ය ඖෂධ වර්ග දෙක නොමැතිව වකුගඩු ඇතුළු ශරීර අවයව බද්ධ කිරීම තේරුමක් නොමැති නිසා මෙවැනි තීරණයක් විශේෂඥ වෛද්‍යවරුන් ගෙන ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
ශරීර අවයව බද්ධ කළ පසු ඒවා සිරුරෙන් ප්‍රතික්ෂේප වීම වළක්වා ගැනීමට අනිවාර්යෙන්ම දිනපතා ලබාගත යුතු ඖෂධ වර්ග දෙක කඩිනමින් ලබා දී තමන්ගේ ජීවිත රැක ගැනීමට පියවර ගන්නා ලෙස එම රෝගීන් සෞඛ්‍ය බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.
මෙම ඖෂධ වර්ග දෙක පෞද්ගලික ඔසු සැල්වලින් මිලදී ගැනීමට මාසයකට රුපියල් 40,000 ක පමණ මුදලක් වැය කිරීමට එක් රෝගියකුට සිදුවන බවත් පෞද්ගලික ඔසු සැල්වල මේවායේ හිඟයක් තිබෙන බවත් රෝගීහු පෙන්වා දෙති.
සෞඛ්‍ය බලධාරින් මෙයට පිළියම් යෙදීමට මෙතෙක් කල් නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් ද සෞඛය බලධාරින් බලවත් විරෝධය පළකර සිටිති.
මීට සති හතරකට පමණ ඉහත දී මහනුරව මහ රෝහලට ගොස් මේ ගැන සොයා බලා කඩිනමින් මෙම ඔෟෂධ වර්ග ලබා දෙන ලෙස සෞඛ්‍ය බලධාරින්ගෙන් ඉල්ලා සිටි බවත් නැවතත් මේ ගැන විශේෂ අවධානයක් එම බලධාරින්ට යොමුකර මෙයට කඩිනම් විසඳුම් ලබාදෙන බවත් වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අතිරේක ලේකම් ලලිත් බණ්ඩාර මහතා කීය.
2025 නොවැම්බර් මස 21
165
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
238
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මහනුවර රෝහලේ වකුගඩු සැත්කම් ඖෂධ හිඟයෙන් තාවකාලිකව නවතියි