බන්දුල ගුණවර්ධන
(ජයන්ත සමරකෝන්)
මුස්ලිම් අමාත්‍යවරුන් 9 දෙනා සිය තනතුරුවලින් ඉල්ලා අස්වීම ඔවුන්ට වැටුප් දීමනා හා වරප්‍රසාද සහිතව මාසයකට ලබා දුන් කෙටි නිවාඩුවක් හා සමාන යැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මෙම ඉල්ලා අස්වීම තුළ තමන්ට හිමි සියලුම වරප්‍රසාද භුක්ති විඳිමින් සිටීම මුලු රටම රැවටීමක් බව ද මන්ත්‍රීවරයා කීය. එක්තරා අදෘශ්‍යමාන හස්තයක බලපෑමෙන් සිදුවූ මෙම රංගනය එකම දේශපාලන සංදර්ශනයක් පමණක් යැයි ද මෙම අස්වීම යථාර්ථයක් වීමට නම් එම අමාත්‍යවරුන්ට හිමි සියලුම වරප්‍රසාද අත්හල යුතු යැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. පුංචි බොරැල්ල වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.