(නිශාන්ත කුමාර බණ්ඩාර)
ඉදිරි ජනාධිපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයෙකුට 50% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි බවත් එම ජනාධිපතිවරණයෙන් පසු රට දැනට වඩා දේශපාලන අස්ථාවර භාවයකට යාම වැළැක්විය නොහැකි බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
සියයට 50 ක ඡන්ද ප්‍රතිශතයක් ගැනීමට නොහැකි නම් අනිවාර්යයෙන්ම දෙවැනි මනාපය ගණන් කළ යුතු වුවත් එය ප්‍රායෝගිකව කිරීම දුෂ්කර කටයුත්තක් බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි. මේ නිසා රට ඉදිරියේදී මීට වඩා දුෂ්කර වගේම දේශපාලන අස්ථාවර භාවයෙන් මිදීමට ඇති හොඳම විසඳුම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම බව ඔහු සඳහන් කළේය. තම පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී කුමන පක්ෂයකට හෝ සහාය නොදීමට තීරණය කර තිබේ.
මේ අතර අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ අතර තුන්වැනි වර කියවීමේදීත් ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන බව ඔහු සඳහන් කළේය.
අපගේ දේශපාලන ස්ථාවරයේ පැහැදිලිව සඳහන් කර ඇත්තේ මේ රට අඟලකින් හෝ ඉදිරියට ගෙන යාමට නොහැකි ආර්ථික ප්‍රතිපත්තියක් වෙනුවෙන් ඡන්දය පාවිච්චි නොකරන බවයි.
ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිදු පක්ෂයකට සහාය පළ නොකරන බවත් අය වැය 3 වැනි වර කියවීමේදී ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙවර ජනපතිවරණයේදී සියයට පනහ කාටවත් නෑ?