(අජන්ත කුමාර අගලකඩ)
විදුලිබල අවශ්‍යතාව සඳහා මෙගා වොට් 100ක සූර්ය බල උද්‍යානයක් මන්නාරමේ ඉදිකිරීමට විදුලිබල අමාත්‍යංශය ගෙනා යෝජනාවකට ඇමැති රිෂාද් බදියුදීන් මහතා කැබිනට් රැස්වීමේ දී දැඩි විරෝධය පළකර ඇතැයි වාර්තාවේ.
මෙම ව්‍යාපෘතිය හේතුවෙන් මන්නාරමේ පරිසරයට හානි වන බවත්, ආගමික නායකයින්ද ව්‍යාපෘතියට විරුද්ධ බවත් බදියුදීන් ඇමැතිවරයා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ.
විදුලිබල හා බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා නොසිටි බැවින්, වැඩබලන විදුලිබල ඇමැතිවරයා ලෙස අජිත් පී. පෙරේරා මහතා අදාළ ව්‍යාපෘති යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි.
ඊට දැඩි විරෝධය පළකර ඇති රිෂාද් බදියුදීන් මහතා මෙය අධ්‍යයනය කිරීමට තවත් කාලය අවශ්‍ය යැයි ප්‍රකාශ කර ඇත.
පාඨලී චම්පික රණවක, ආචාර්ය සරත් අමුණුගම යන මහත්වරුන් ඇතුළු ඇමැතිවරුන් කිහිපදෙනෙකු රිෂාද් බදියුදීන් ඇමැතිවරයාගේ අදහසට විරෝධය පළකර ඇති බවද වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
745
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මන්නාරමේ සූර්යබල උද්‍යානයට ඇමැති රිෂාද්ගේ විරෝධය