(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර තවත් තීරණාත්මක හමුවක් මේ සතියේ දී පැවැත්වෙනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට යෝජිත දේශපාලන සන්ධානය සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙනු ඇති බව එම ආරංචිමාර්ගවලින් පැවැසේ.
ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර දෙපැයක පමණ හමුවක් ගිය සඳුදා (05) රාත්‍රියේ ජනාධිපති නිල නිවසේ දී පැවැති අතර එම සාකච්ඡාව සාර්ථක බව ද පැවසේ.
ජනාධිපතිවරණය හා යෝජිත සන්ධානය සම්බන්ධයෙන් කෙරෙන ඉදිරි සාකච්ඡාවලට යහපත් ප්‍රවේශයක් එම සාකච්ඡාවේ දී ලැබුණ බව ද එම ආරංචිමාර්ග කියයි.
දෙදෙනා අතර පැවැති සාකච්ඡාව ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් ද දැනුවත් කර ඇතැයි වාර්තාවේ.
එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස දෙපාර්ශ්වයේ කණ්ඩායම් දෙකක් මේ සති අන්තයේ දී හමුවී යෝජිත සන්ධානය ගැන සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් ද මේ සතියේ සිදුවීමට නියමිත බව පැවසේ. කාම්බෝජයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයා ඊයේ (10) දිනයේ දී යළි දිවයිනට පැමිණීමට නියමිතව සිටියේය.
2025 දෙසැම්බර් මස 04
492
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
469
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මෛත්‍රී-මහින්ද තවත් තීරණාත්මක සාකච්ඡාවක් මේ සතියේ