IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මගී බස් රථ දුවන්නේ භූමිතෙල්වලින්

(මහින්ද නිශ්ශංක)  

මගී ප්‍රවාහනයේ යෙදෙන පෞද්ගලික බස්රථ සියයට 85 කට වඩා ඩීසල්​ වෙනුවට භූමිතෙල් භාවිත කරන බව ප්‍රවාහන ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.  

ඉකුත් මැයි මාසයේ සිට ඔටෝ ඩීසල් මිල විශාල වශයෙන් වැඩිවීම හේතුවෙන් ඉතා ලාභද‌ායි ඉන්ධනයක් ලෙස බොහෝ බස්හිමියන් තම බස්රථ සඳහා ඩීසල් වෙනුවට භූමිතෙල් භාවිත කරන බව පෞද්ගලික බස් සංගමයක ප්‍රධානියකු පැවසීය.  


දැනට ​ඔටෝ් ඩීසල් ලීටරයක මිල රුපියල් 123 ක් වන අතර භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70 ක් බව පෙන්වා දෙන එම බස් සංගම් ප්‍රධානියා භූමිතෙල් යොද‌ා ගැනීමෙන් දුර සේවා පෞද්ගලික බස්රථයක් ආද‌ායමට අමතරව දිනකට රුපියල් 5000 කට වැඩි ලාභයක් ද කෙටි දුර බස්රථයක් දිනකට රුපියල් 2500 ක පමණ අමතර ලාභයක් ද ලැබෙන බව පැවසීය.  


 මගී ප්‍රවාහනයේ යෙදෙන පෞද්ගලික බස්රථ භූමිතෙල් භාවිත කිරීම පිළිබඳව කළ විමසීමක දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිල ධාරියෙකු ප්‍රකාශ කළේ භූමිතෙල් පාවිච්චි කිරීම තහනම් බවත් ඒ පිළිබඳව දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබෙන බවය.  


 මගී ප්‍රවාහන බස්රථ භූමිතෙල් භාවිතා කිරීමෙන් බස්රථය තුළ බරපතළ ලෙස භූමිතෙල් ගඳ වහනය වන අතර මගීන් ද ස්වසන රෝගවලට ගොදුරු වෙන බව ද එයට අමතරව පරිසරය දූෂණය වන බව ද වාර්තා වේ.  

 

 



අදහස් (0)

මගී බස් රථ දුවන්නේ භූමිතෙල්වලින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site