වෘත්තිය සමිති චෝදනා කරයි
(ගුණසිංහ හේරත්)
ශ්‍රී ලංකා රේගුව බහුජාතික සමාගමකින් අය කරගත යුතු රුපියල් කෝටි 150ක් වූ බදු මුදලක් අය කර නොගෙන මගහරින පිළිවෙතක් අනුගමනය කරන බවට රේගුවේ වෘත්තීය සමිති චෝදනා කරයි.
මේ කෝටි 150න් රුපියල් කෝටි 50ක් ඒ සමාගම විසින් රේගුවට නොගෙවා පැහැර හරිනු ලැබ තිබෙන බදු මුදල් වන අතර ඉතිරි රුපියල් කෝටි 100 නොගෙවූ බදු වෙනුවෙන් පැනවූ දඩ මුදල බව ද ඒ වෘත්තීය සමාගම් අනාවරණය කරයි.
අදාළ බහුජාතික සමාගම අමුද්‍රව්‍යයේ නම වෙනස් කරමින් පාම් ඔයිල් ෆැටී ඇසිඩ්ස් ආනයනය කර තිබෙන බව හෙළි කරන රේගු වෘත්තීය සංගම් මේ වංචාව පිළිබඳව ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයන්ගේ සංගමය 2019 පෙබරවාරි 12 වැනිදා එවකට සිටි රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එච්. චාල්ස් මහත්මියට ලිඛිතව පැමිණිලි කර තිබෙන බව ද අනාවරණය කරයි.
ඒ පිළිබඳ ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයන්ගේ සංගමයෙන් කළ විමසීමක දී එහි ප්‍රධානියකු සඳහන් කළේ මෙම වංචාව පිළිබඳව තමන් වර්තමාන රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වන විශ්‍රාමික හමුදා මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා හමුවී සිය ලිඛිත පැමිණිල්ල පිළිබඳව යළි සිහි කැඳවීමක් කළත් මෙතෙක් ශ්‍රී ලංකා රේගුව අදාළ බහුජාතික සමාගමෙන් අදාළ දඩ මුදල කෙසේ වෙතත් බදු මුදලවත් අයකරගෙන නොමැති බවය.
ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයන්ගේ සංගමයේ පැමිණිල්ල මත හිටපු රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරියගේ නියමයෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රේගු අධිකාරි ඩී.කේ.එස්. රවීන්ද්‍ර මහතාගෙන් අප කළ විමසීමේ දී හෙතෙම සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කිරීමට බලයක් නොමැති බවය.
2025 දෙසැම්බර් මස 18
226
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
976
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බහුජාතික සමාගමක කෝටි 150ක බදු අයකරන්න රේගුවට කම්මැලි හිතිලා