(දයාසීලි ලියනගේ)
මුදල් අමාත්‍යංශයේ එකඟතාවකින් තොරව පළාත් සභාවක හිටපු ඇමැතිවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩල සඳහා පාරිතෝෂික දීමනා ලෙසට රුපියල් ලක්ෂ 88ක මුදලක් ගෙවා ඇති බව අනාවරණය වේ.
පළාත් සභා මන්ත්‍රීවරයකුට කාර්ය මණ්ඩලය සඳහා තිදෙනෙක්ද ඇමැතිවරයකුගේ කාර්ය මණ්ඩලය සඳහා අට දෙනෙක්ද සේවය කර ඇත.
පළාත් සභාව විසුරුවා හැර වසර 4ක කාලයක් ඉකුත් වී ඇති අතර මේ අයට පාරිතෝෂික දීමනාවක් වශයෙන් මෙම මුදල පසුගිය මාස කිහිපය තුළදී ගෙවා ඇති බව මුදල් අමාත්‍යංශ ප්‍රකාශකයෙක් කීය.
ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය මත පමණක් මෙම මුදල් ගෙවා ඇත.
මෙම ගෙවීම පූර්වාදර්ශයක් කර ගනිමින් අනෙකුත් පළාත් සභාවල ඇමැති හා මන්ත්‍රී කාර්ය මණ්ඩල සඳහා ද මෙම පාරිතෝෂික දීමනාව ගෙවන ලෙසට බලපෑම් එල්ල වී ඇතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
මුදල් අරපරිස්සමින් වියදම් කරන ලෙසට රජය තරයේ උපදෙස් දී තිබියදී මුදල් අමාත්‍යංශයේ විරෝධය නොතකමින් මෙම මුදල් ගෙවීම පිළිබඳව වහාම පියවර ගැනීමට තීරණය කර ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 04
387
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
441
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
406
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පළාත් සභාවක මැති ඇමැති කාර්ය මණ්ඩලයට ලක්ෂ 88ක බෝනස් එකක්