(උපුල් වික්‍රමසිංහ)
රථ වාහන අමතර කොටස් මිල ගණන් ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති නිසා පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු ඉහළ නැංවීමට සිදුවිය හැකි බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් මවුපියන් සමග සාකච්ඡා කරමින් සිටින බවත් පවතින වාතාවරණය හමුවේ සැවොම ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින හෙයින් මවුපියන්ට පීඩාවක් නොවන ආකාරයට ගාස්තු ඉහළ දැමීම කෙරෙහි අවධානය යොමුකරන බවත්ය.
පසුගිය වසර එකහමාරක කාලය තිස්සේ පාසල් වසා දමා තිබුණෙන් පාසල් ළමයින් ප්‍රවාහනය කිරීමේ රැකියාවල නියුතුව සිටි බොහෝ අය එයින් ඉවත්ව වෙනත් රැකියා වෙත යොමුව තිබීම බරපතළ ගැටලුවක් බව කී චන්ද්‍රසිරි මහතා පාසල් ළමයින් ප්‍රවාහනය කරන අය සඳහා ලබාදුන් සහන පොලී ණය වෙනුවෙන් අය කෙරෙමින් තිබූ පොලිය ඉවත් කරන බවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දුන් ප්‍රතිඥාව යථාර්ථයක් බවට පත්වන්නේ නම් එය තමන්ට මහත් අස්වැසිල්ලක් බවද කීවේය.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුත් ඉහළට?