දැනට ඇති 35 සීමාව 40 ට නංවයි

(අජන්ත කුමාර අගලකඩ)
රජයේ පාසල්වල එක් පන්තියක සිටිය හැකි උපරිම සිසුන් ගණන 35 සිට 40 දක්වා වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ සඳහා අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට කැබිනට් මණ්ඩල අනුමැතිය ද මේ වන විට ලැබී තිබේ.
රජයේ පාසල්වලට ගුරු සහායකයන් බඳවා ගැනීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බැවින් ඊට සමගාමීව පන්තිවල සිටිය හැකි සිසුන් ගණන ද වැඩි කිරීමට තීරණය වී තිබේ.
පන්ති භාර ගුරුවරයාට අමතරව, සෑම පන්තියකටම ගුරු සහායකයකු ද පත්කෙරෙන බැවින් පන්තිවල සිසුන් ගණන 5 කින් වැඩි කිරීම ගැටලුවක් නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දී ඇත.
ඒ අනුව සෑම පාසලකටම සිසුන් වැඩි පිරිසක් ඇතුළත් කර ගැනීමට මෙමගින් අවස්ථාව සැලසෙනු ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.