(නිශාන්ත කුමාර බණ්ඩාර)
පාස්කු ප්‍රහාර ගැන කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියට පොලිසිය භාරව කටයුතු කළ සියලු අමාත්‍යවරු ගෙන්වා ප්‍රකාශ ලබාගන්නා බව එම කොමිසමේ ප්‍රකාශකයකු පැවැසීය.
ඒ අනුව පොලිසිය භාරව කටයුතු කළ අමාත්‍ය සාගල රත්නායක, රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරුද කොමිසම හමුවට කැඳවීමට නියමිතය.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන කොමිසම හමුවට පොලිසිය හා ආරක්ෂක හමුදාව භාර වත්මන් ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයාගෙන්ද සාක්ෂි විමසීමට අවශ්‍යව ඇතැයි ඔහු සඳහන් කළේය. ඔහු ජනාධිපති ධුරයේ සිටින නිසා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට පැමිණීම අවශ්‍ය නොවන බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේදී වුවද එම සාක්ෂි විමසීම කළ හැකි බවද ඔහු පැවැසීය.
ඊට කොමිසම එකඟ බවත් පොලිසිය භාර සියලු ඇමැතිවරුන්ගේ සාක්ෂි මෙහිදී වැදගත් වන බවත් එහිදී කරුණු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වෙතැයි විශ්වාස කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පොලිසිය භාරව සිටි සියළු ඇමැතිවරු පාර්ලිමේන්තු කාරක සභාව හමුවට