(දයාසීලි ලියනගේ)
රැකියා ලබාදීමේදී කෝටා ක්‍රමයක් අනුගමනය නොකිරීම ඇතුළුව පොරොන්දු ඉටු නොකිරීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරු පිරිසක් හා පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් දැඩි කළකිරීමට පත්වී සිටින බව වාර්තාවේ.
දේශපාලන අර්බුදය පැවැති කාලසීමාව තුළ විටින් විට ආසන සංවිධායකවරු හා පළාත් සභා මන්ත්‍රීවරු කැඳවා සාකච්ඡා කරමින් ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බවට පොරොන්දුවී ඇතත් දැන් ඒවා අමතක කර ඇති බවට ඔවුහු චෝදනා කරති.
මෙම කළකිරීමට පත්වී සිටි ආසන සංවිධායකවරු පිරිසක් හා පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් ඉදිරි සති දෙක ඇතුළත දී හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හමුවීමට තීරණය කර ඇතැයිද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd