(නාලක සංජීව දහනායක)
ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට පොදු සංධානයක් ලෙස තරග කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි සති දෙක ඇතුළතදී ඒකාබද්ධ විපක්ෂයේ සෙසු දේශපාලන පක්ෂ සමඟ ගිවිසුම් අත්සන් කරන බව පොදුජන පෙරමුණේ ප්‍රකාශකයකු පැවැසීය.
ලංකා සම සමාජ පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂ් ය, මහජන එක්සත් පෙරමුණ, දෙමළ හා මුස්ලිම් දේශපාපලන පක්ෂ ඇතුළු දේශපාලන පක්ෂ 18 ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ගිවිසුම් අත්සන් කිරීමට දැනටමත් එකඟතාවය පළකර ඇතැයිද එම ප්‍රකාශකයා කීය.
ඒ අනුව පොදුජන පෙරමුණට හා සෙසු දේශපාලන පක්ෂ සඳහා මන්ත්‍රීධුර බෙදී යාම, පොදු සංධානයක් ලෙස පොදු ලාංඡනයක් යටතේ තරග කිරීම, මැතිවරණ සඳහා යොදාගන්නා තේමා පාඨ ආදී කරුණු සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා ඉතාම සාර්ථකව අවසන් වෙමින් පවතින බවද ඔහු පැවැසීය. මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ප්‍රකාශයට පත් කළ වහාම පොදු සංධානයක් ලෙස තරග කිරීමේ වැඩ පිළිවෙළ ප්‍රකාශයට පත් කරන බවද එම ප්‍රකාශකයා පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පක්ෂ 18ක් එක්ක ඒකාබද්ධය පුංචි ඡන්දෙට