IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නීතියට අවනත නොවන ඉදිකිරීමෙන් බැලුම්මහර හන්දිය යටවෙන ලකුණු

 

ශ්‍රී ජයවර්ධනපුර සිට දිවෙන නව නුවර පාරත්, කොළඹ-මහනුවර මාර්ගයත් එකට හමුවන ගම්පහ බැලුම්මහර හන්දිය වර්ෂා දිනවලදී ඌරුවල් ඔය පිටාර ගැලීමත් සමඟ ජලයෙන් යටවන අතර තත්ත්වය එසේ තිබියදීත් එම ජලය බැසයාමේ මාර්ගය අවහිර කරමින් අනවසරයෙන් ඉදිකරන ගොඩනැගිල්ලක් ඉදිකිරීම තහනම් කර තිබියදීත් ඉදිවෙමින් තිබේ.


ප්‍රදේශයේ ගොවි ජනතාව මේ ඉදිකිරීමට දැඩි විරෝධය පා සියලු රාජ්‍ය ආයතන දැනුම්වත් කිරීමේ ප්‍රතිඵලයක් මත ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් එම ඉදිකිරීම 2015.09.16 දින සිට තහනම් කරන ලදී. ගම්පහ දිසා ලේකම්වරයා ද මෙම අනවසර ඉදිකිරීමට දැඩි විරෝධය පා ඊට එරෙහි නියෝග ලබාදුන්නත් තවමත් මෙම ඉදිකිරීම නොනවත්වා ක්‍රියාත්මක වෙමින් තිබේ.


ගම්පහ ආසනයේ ප්‍රධාන පක්‍ෂ දෙකේම දේශපාලන නායකයන් ඍජුවම මෙම ඉදිකිරීම නීතිවිරෝධී බව ප්‍රකාශ කර තිබුණද, ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී ද මෙම ඉදිකිරීම නීතිවිරෝධී එකක් බව ප්‍රකාශ කර තිබුණත් තවමත් මේ අනවසර ඉදිකිරීම සිදුකරන්නේ කෙසේදැයි ජනතාව ප්‍රශ්න කරති.


මෙම ඉදිකිරීම සිදුවූවහොත් බැලුම්මහර මංසන්ධිය ජලයෙන් යටවී මහා විපතක් සිදුවිය හැකි බව පෙන්වා දිය යුතුය.

දොම්පේ - අජිත් මදුරප්පෙරුම



අදහස් (0)

නීතියට අවනත නොවන ඉදිකිරීමෙන් බැලුම්මහර හන්දිය යටවෙන ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site