IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දූෂණ මඩින පාර්ලිමේන්තු නිර්දේශ දෙදාහක් කුණු කූඩෙට

කමිටු පවත්වන්න වාර්ෂික වියදම රුපියල් කෝටි දෙසීයයි   

(සුජිත් හේවාජුලිගේ)   

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම සඳහා පසුගිය කාලයේදී ඉදිරිපත් කර ඇති නිර්දේශ 2,000කට වැඩි සංඛ්‍යාවක් හමස් පෙට්ටියට ගොස් ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.   

මෙම කමිටු පවත්වාගෙන යෑම සඳහා වාර්ෂිකව රුපියල් කෝටි දෙසීයකට ආසන්න මුදලක් වැයවන බව වාර්තා වෙයි.

  
පාර්ලි​මේන්තු කමිටුවල නිර්දේශ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීමට බලතල ලැබෙන නීතිමය යාන්ත්‍රණයක් (පාර්ලිමේන්තුව හරහා) සකස් කිරීම කාලෝචිත මෙන්ම ඉතා වැදගත් බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.  
ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අදාළ ආයතන ප්‍රධානීන් එම රැස්වීම්වලදී පොරොන්දු වී ඇතත් ඒවා කිසිවක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව මෑතකදී කළ සොයා බැලීම්වලදී පෙනී ගියේ යැයිද හෙතෙම සඳහන් කළේය.  


මේ අතර ඇතැම් දූෂිත රාජ්‍ය නිලධාරීන් කෝප්, කෝපා ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා මග හරින තත්ත්වයක් පෙනෙන්නට ඇතැයිද මෙසේ මගහරින නිලධාරීන් සම්බන්ධයෙන්ද දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීම ඉතා වැදගත් බවත් පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.  
පාර්ලිමේන්තු කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කර නොමැති ආයතන අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය, වනජීවී දෙපාර්තමේන්තුව හා පළාත් පාලන ආයතනද වෙතියි එම නිලධාරීහු සඳහන් කරති.  


මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ඇතැම් ආයතනවලට කීප වරක්ම සිහිකැඳවීම් කර ඇතත් ඒවා මෙතෙක් ඉටුවී නැතැයිද දැනගන්නට ඇත.  

 

 



අදහස් (0)

දූෂණ මඩින පාර්ලිමේන්තු නිර්දේශ දෙදාහක් කුණු කූඩෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 53 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 132 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 932 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site