
(දයාසීලි ලියනගේ)
කොළඹ දිස්ත්‍රික්කයේ දේශපාලනඥයකුට සම්බන්ධ සමීපතම ඥාතියෙක් වැලි කැණීමේ බලපත්‍ර 67ක් ලබා ගැනීම සඳහා භූවිද්‍යා හා පතල් කාර්යාංශයට ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ. විවිධ ස්ථානවලින් වැලි කැණීම සඳහා මෙම ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබෙන බව දැනගන්නට ඇත.
මේ අතර ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ වැලි හා පස් කැණීමට ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇති දේශපාලනඥයන්ගේ නම් ප්‍රකාශයට පත් කරන බවයි.
සිය ඥාතියාට මෙම බලපත්‍ර ලබා දෙන ලෙසට අදාළ දේශපාලනඥයා ඉල්ලුම් කර තිබෙන බව ද සඳහන් වේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.