(නිමල කොඩිතුවක්කු)
මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර පළාත් වලට අමතරව සෙසු දිස්ත්‍රික්කවලට තරග කිරීම සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
දෙමළ ජනතාව වැඩි වශයෙන් සිටින නුවරඑළිය, බදුල්ල, කොළඹ ආදී දිස්ත්‍රික්ක වලට තරග කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය මේ වෙන විට අවධාණය යොමුකර ඇති බවත් ඔහු සඳහන් කළේය.
ඒ ඒ දිස්ත්‍රික්කවල සිටින දෙමළ දේශපාලන නායකයින් සමග මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.