
(මහින්ද නිශ්ශංක)
ලබන ජූනි මාසයේ සිට දුම්රිය ගාස්තු සියයට 15 කින් වැඩිවන බවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ආරංචිමාර්ගවලින් අනාවරණය වේ.
ඒ අනුව දැනට රුපියල් 10 ක් වන අවම ගාස්තුව සමස්තයක් වශයෙන් වැඩි නොවුවද රුපියල් 10 ගාස්තුවෙන් ගමන් කළ හැකිව තිබූ කිලෝ මීටර 10 ක දුර ප්‍රමාණය කිලෝ මීටර 6 දක්වා අඩුකර ඇතැයි දුම්රිය ගාස්තු සම්බන්ධව පත්කෙරුණු පංච පුද්ගල කමිටුව පවසයි.
රුපියල් 10 අවම ගාස්තුවෙන් ගමන් කළ හැකි දුර ප්‍රමාණය මෙවර අඩු කිරීම හේතුවෙන් ඇතැම් දුම්රිය ස්ථාන අතර පෙර පැවැති රුපියල් 10 ගාස්තුව රුපියල් 15 දක්වා ඉහළ ගොස් ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරියෙක් පැවැසීය.
වසර අටකට පසුව මෙවර සිදුවන දුම්රිය ගාස්තු වැඩිවීමට සමානුපාතිකව දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩිවන බවත් එම නිලධාරියා කීය.
මේ අතර දුම්රිය ගාස්තු වැඩිවීම සම්බන්ධව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද පංච පුද්ගල කමිටුව මගින් සකස් කරන ලද නව ගාස්තු චක්‍රය එම කමිටුව විසින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයට පසුගියදා බාර දී ඇත.
COMMENTS
ගාස්තු වැඩි කරනවා වගේම සේවා ප්‍රමිතිය වැඩි කර ගත්තොත් නරකද? දුම්රිය ප්‍රමාද වීම් , ස්ට්රයික් , මගී තදබදය නිසා අපිට දුම්රිය එපා වෙලා
හවස 13.45 රැජින වවුනියා එකෙන් පස්සේ හරියට යන එකක් නෑ. 14.00ට විතර පොල්ගහාවෙල පැත්තට අධිවේගී එකක් දාන්න ගොඩක් අය කැමති වෙයි. අපිට යන්න එකක් නැනේ.
දිනපතා සාමාන්‍ය ජනයා රැකියා සඳහා අඩු වියදම් ප්‍රවාහන සේවය තුළ බොහෝ අඩුපාඩු පවතී, එවැනි අවස්ථාවක දී ගාස්තු මිල ඉහළ දැමීමට මදකට නතර කර ඊට පෙර දුම්රිය සේවය ගුණාත්මක තත්ත්වය ඉහල දැමීම ( ගුණාත්මක බව වර්ධනය කිරීම සඳහා වන වියදම් අනාගත ආයෝජනයක් ලෙස සලකා) ඊට පස්සේ සාධාරණ ගාස්තු ඉහළ දැමීමක් සිදු කලත්, එහිදී දුම්රිය සේවය ට වගේම මගීන්ටත් එක වගේ සාධාරණත්වය ක් ඉටු වනු ඇත.......
ගාස්තු වැඩි කරනවා වගේම සේවා ප්‍රමිතිය වැඩි කර ගත්තොත් ගමන් කරන ජනතාවත් දන ගත යුතුයි මැදිරි විනාශ නොකර පිරිසිදුව තියා ගන්න.
හවස 5.45 පස්සේ නුවරට දුම්රියක් 8 වෙනකම් නෑ 8 න් පස්සේ කොහොමත් නෑ, 5.45 ගම්පහ වේයන්ගොඩ මිනිස්සු පිරිලා දුර යන මිනිස්සුන්ට සැහෙන අපහසුතාවත්, අඩුම තරමේ පොල්ගහවෙලින් උඩහට දුම්රියක්වත් දාන්න ඕන 7.30 - 8 වගේ පොල්ගහවෙලින්, උදේ නුවරින් 6.30 ආපු සෙන්කඩගල මැණිකේ දුම්රිය තවත් පරක්කු කරලා දැන් එක මරදානට 10.30 වගේ එන්නේ.