IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ නැති සැකකරුවන් නිදහස් කරන්න

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය  

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින අය හැර අනිකුත් පුද්ගලයන් නිදහස් කරන්නැයි ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අවධානය යොමුවී ඇතැයි එම කොංග්‍රසයේ මහා ලේකම් නිසාම් කාරියප්පර් මහතා පවසයි.  

අත්අඩංගුවට පත් සෙසු පුද්ගලයන්ට සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කළ යුතු බවත් එසේ චෝදනා නොමැති අය නිදහස් කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බවත් ඔහු සඳහන් කළේය.  


සුළු අවි හෝ වෙනත් ආයුධ ඇති අය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරා ඇති අතර පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගත් ඇතැම් අය සාමාන්‍ය නීතිය යටතේ රඳවා ගෙන ඇති බව ඔහු පෙන්වා දෙයි. ත්‍රස්තවාදයට සෘජුවම හෝ වක්‍රව සම්බන්ධ නැති පිරිසට සාමාන්‍ය නීතිය යටතේ අධිකරණයට ඉදිරිපත් කොට නිසි පරිදි නීතිය පවත්වාගෙන යන ලෙස ඉල්ලීමක් කරන බව ඔහු පැවසීය.  


මේ සම්බන්ධව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායකත්වය ඇතුළු නියෝජිතයන් පසුගියදා එම කොංග්‍රස් මූලස්ථානයේ රැස්වී සාකච්ඡා කර තිබේ. ත්‍රස්තවාදයට සෘජුව හෝ වක්‍රානුකූලව සම්බන්ධ නැති සාමාන්‍ය සැකකරුවන් සම්බන්ධයෙන් සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියා කරන ලෙසත්, ඒ අනුව නීතියේ ආධිපත්‍ය යටතේ මහේස්ත්‍රාත්වරයා, පොලිසිය ඒ ඒ අවස්ථාවල අදාළ අවස්ථානුකූල කරුණු මත ඇප දෙන්නේද?, නොදෙන්නේ ද? යන්න තීරණය කෙරෙන බවද ඔහු කීය.  


එසේ නැතිව මෙය දේශපාලන ක්‍රියාවක් නොවන බවත් අහිංසක මුස්ලිම් ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වී ඔවුනට සාධාරණය ඉටුකිරීම සඳහා කරන ක්‍රියාවක් බවද නිසාම් කාරියප්පර් මහතා සඳහන් කළේය.

 

 

 



අදහස් (0)

ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ නැති සැකකරුවන් නිදහස් කරන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 5 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site