ආණ්ඩුවේ වැඩවලට සහාය දෙන්නෙත් නෑ
ජනපති කියයි
(අජන්ත කුමාර අගලකඩ)
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමෙන්තු විශේෂ කාරක සභාව ජාතික බුද්ධි සේවයත් ජාතික ආරක්‍ෂාව ගැනත් තැකීමක් නොමැතිව දිගින දිගටම කටයුතු කරන්නේ නම් තමා ආණ්ඩුවේ කිසිම කටයුත්තකට සහාය නොදෙන බව ජනාධිපතී මෛත්‍රීපාල සිරිසේන මහතා සිකුරාදා (07) රාත්‍රියේ පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කොට ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. තේරීම් කාරක සභාව දිගටම මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් තමා කැබිනට් රැස්වීම්වලටද සහභාගී නොවන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කොට ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවසේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත් කළ විශේෂ තේරීම් කාරක සභාවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කොට ඇති ජනාධිපතිවරයා රහස්‍ය තොරතුරු පනතද උල්ලංඝනය කරමින් තේරීම් කාරක සභාව කටයුතු කරන බවටද චෝදනා කොට ඇතැයි පැවසේ.
බුද්ධි අංශ නිලධාරීන් කාරක සභාවට ගෙන්වා මාධ්‍ය ඉදිරියේ ඔවුන්ගෙන් තොරතුරු විමසීම රටේ ජාතික ආරක්‍ෂාවටත් ජාතික බුද්ධි සේවාවටත් බරපතළ තර්ජනයක් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇතැයි දැනගන්නට තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් පහක් විභාග කෙරෙන අවස්ථාවේ තේරීම් කරක සභාවේ කටයුතු එම පෙත්සම් විභාගයට බාධාවක් බව නීතීපතිවරයා දැනුම් දී ඇති බවත් නීතීපතිවරයාගේ එම වාර්තාව කතානායකවරයා වෙත යොමු කොට ඇති නමුත් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැති බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇතැයි වාර්තා වේ. තේරීම් කාරක සභාව කටයුතු කරන්නේ මේ ආකාරයෙන් නම් ආණ්ඩුවේ වැඩවලට සහාය නොදෙන බවත් ජනාධිපතිවරයා ලෙස තමාගේ කටයුතු පමණක් කරගෙන යන බවත් ජනාධිපතිවරයා සඳහන් කොට ඇතැයි වාර්තා වේ. එහිදී අදහස් දක්වා ඇති ඇමතිවරුන් කිහිප දෙනෙකු පෙන්වා දී ඇත්තේ තේරීම් කාරක සභාවේ කටයුතු ජාතික ආරක්‍ෂාවට හෝ ජාතික බුද්ධි සේවාවේ කටයුතුවලට බාධාවක් නොවන අයුරින් පවත්වාගෙන ගෙන බවය. තේරීම් කාරක සභාවේ සාක්කි විමසීමේදී ජාතික ආරක්‍ෂාවට බලපාන කරුණු මාධ්‍යයට විවෘත නොකරන බවද එම ඇමතිවරුන් ප්‍රකාශ කොට ඇති බවද දැනගන්නට තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා රාත්‍රීයේ කැඳවා තිබු හදිසි කැබිනට් රැස්වීම පැයකට අධික කාලයක් පැවැති බවද වාර්තා විය.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1096
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තේරීම් කාරක සභාව මෙහෙම වැඩ කරනවා නම් කැබිනට් රැස්වීම්වලට එන්නේ නෑ