(ප්‍රසන්න සංජීව තෙන්නකෝන්)
විශ්වවිද්‍යාලයීය බාහිර උපාධිය හැදෑරීම සඳහා තරග විභාගයක් පවත්වා සිසුන් තෝරා ගැනීමේ ක්‍රමවේදය වෙනස්කර අයැදුම් කරන සියලු සිසුන්ට එම අවස්ථාව හිමිකරදීමට විශ්විවද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා උප කුලපතිවරුන් සමග ලබන සතියේදී සාකච්ඡා කරන බව මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
උසස් පෙළ විභාගය සමත්වීම හා ඒ ඒ විශ්වවිද්‍යාල ඉල්ලා සිටින සුදුසුකම් සපුරා ඇති සිසු සිසුවියන්ට අමතර තරග විභාගයක් පවත්වා තෝරා ගැනීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් මතුවූ යෝජනා හා ඉල්ලීම් සැළකිල්ලට ගෙන තරග විභාග ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වූ බවද අමාත්‍යවරයා පැවැසීය.
තරග විභාගයක් පවත්වා සීමිත සිසුන් සංඛ්‍යාවක් බාහිර උපාධිය හැදෑරීම සඳහා තෝරා ගැනීමෙන් එම ශිෂ්‍යයන්ද නඩත්තු කිරීමට විශ්වවිද්‍යාලවලට සිදුවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. උසස් අධ්‍යාපනය හැදෑරීමට සිසුන්ට ඇති අයිතිය පසුගිය රජය සමයේ චක්‍ර ලේඛයක් මගින් සීමාකර ඇති බවත් පෙන්වා දෙන උසස් අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපනයේ සමාන අයිතිය මානව හිමිකමක් බවද අවධාරණය කරයි.
2025 දෙසැම්බර් මස 04
500
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
471
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තරග විභාගය අහෝසි කර බාහිර උපාධිය ඉල්ලන සැමටම අවස්ථාව