මාවෙයි සේනාධිරාජා
(නිශාන්ත කුමාර බණ්ඩාර)
සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදෙන ඕනෑම පක්ෂයට හෝ අපේක්ෂකයකුට සිය පක්ෂයේ උපරිම සහය ලබා දෙන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අවධාරණය කරයි.
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වයං පාලන යන්ත්‍රයක් බිහි කිරීම උතුරු නැගෙනහිර නව සිංහල ජනාවාස ඉදිකිරීම් නවතා දැමීම එම ඉල්ලීම් අතර වෙයි. මීට අමතරව උතුරු-නැගෙනහිර පළාත්වල අතුරුදන් වූවන්ගේ ගැටලුව, උතුරේ සිවිල් ජනතාවගේ ඉඩම්වලින් ආරක්ෂක අංශ ඉවත් කිරීම, ඔවුන්ගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම, හින්දු ජනතාව ජීවත්වන ප්‍රදේශවල බෞද්ධාගමික ස්ථාන ඉදිකිරීම නැවැත්වීම ඇතුලු යෝජනා 11ක් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය යෝජනා කර ඇත.
අදාළ ඉල්ලීම් මාලාව රජයට ඉදිරිපත් කර මාස තුනක කාලයක් ඇතුළත විසඳුම් ලබාදෙනු ඇතැයි බලාපොරාත්තු වන අතර එම ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වන ආකාරය අනුව ඉදිරි මැතිවරණයේදී සිය පක්ෂයේ සහය ලබා දීමට එම පක්ෂයේ නියෝජිතයන් තීරණය කර ඇතැයි මාවෙයි සේනාධිරාජා මහතා පැවැසීය.
අවසන් යුද සමයේ උතුරු-නැගෙනහිර පළාත්වලින් අතුරුදන් වූ තරුණ පිරිස්වලට සිදුවූයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් රජය ස්ථිර විසඳුමක් ලබාදිය යුතුයැයි ද කීය. දේශපාලන සිරකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන සිටින පිරිස් නිදහස් කර ගැනීම සඳහා රජයට බලපෑම් කරන බවද ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා වැඩි දුරටත් පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
570
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තම ඉල්ලීම් විසඳන ඕනෑම පක්ෂයකට තමිල් අරසුකච්චි උපරිම සහාය