IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජිනීවා යෝජනාවලියෙන් එහෙම ලේසියෙන් ඉවත් වෙන්න බෑ

උතුරු පළාත් හිටපු මහ ඇමැති විග්නේෂ්වරන්  

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාව විසින් එකඟ වූ කාරණාවලින් ඉවත් වීමට රජය උත්සාහ කළ ද එය සිතූ තරම් පහසු කටයුත්තක් නොවන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.  

ත්‍රස්තවාදය මර්දන පනත අහෝසි කිරීම, උතුරු නැගෙනහිර අතුරදන්වූවන්ගේ ප්‍රශ්නයට විසඳුම් ලබාදීම, අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමට කාර්යාලයක් පිහිටුවීම, එල්ටීටීඊ සැකකරුවන්ට නඩු පැවැරීම හෝ ඔවුන් නිදහස් කිරීම, දේශපාලන සිරකරුවන්ට සමාවදීම ඇතුළු කාරණා රැසකට ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව එකඟවී තිබේ.  
අතුරුදන්වූවන් සෙවීම සඳහා කාර්යාලයක් පිහිටුවීම පමණක් ඉටුකර ඇති අතර එය ද මේ වනවිට අකර්මන්‍යවී ඇතැයි විග්නේෂ්වරන් මහතා පැවැසීය.  
සෙසු පොරොන්දු ඉටු කිරීමට ශ්‍රී ලංකා රජය අපොහොසත්වී තිබේ. එවැනි තත්ත්වයක් හමුවේ ජිනීවා සමුළුවට වූ පොරොන්දු ඉටු නොකොට එම යෝජනාවලින් බැහැරවීම කිසිසේත් අනුමත නොකරන බව ද ඔහු ප්‍රකාශ කළේය.  


ශ්‍රී ලංකාව මෙවැනි තීරණයක් ගැනීම එය සෙසු රටවල් ද ආදර්ශයට ගන්නා නිසා එය සමුළුවේ දී වූ පොරොන්දු හෑල්ලුවට ලක්කිරීමක් බව විග්නේෂ්වරන් මහතා පෙන්වා දෙයි.  

 

 



අදහස් (0)

ජිනීවා යෝජනාවලියෙන් එහෙම ලේසියෙන් ඉවත් වෙන්න බෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site