IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජනපති වැය ශීර්ෂ දිනවන්න පොහොට්ටුවේ සහාය අනෙක් අමාත්‍යාංශවලට විරුද්ධව ඡන්දය දෙයි

(අජන්ත කුමාර අගලකඩ) 
අය වැය විවාදයේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂවලදී පමණක් ඊට එරෙහි නොවීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී 
ඩලස් අලහප්පෙරුම මහතා ඉරිද‌ා ලංකාදීපයට පැවැසීය. 

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂවලට එරෙහි නොවන නමුත් සමස්ත අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව ද මන්ත්‍රීවරයා කීය.  මංගල සමරවීර මුදල් ඇමැතිවරයා විසින් ඉකුත්ද‌ා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැයට විපක්ෂය ලෙස කිසිසේත් උදව් නොකරන බව කී අලහප්පෙරුම මහතා අය වැය කියා ඉදිරිපත් කළ බොරු ලියවිල්ලකට සහාය දිය නොහැකි බව සඳහන් කළේය. 


 අය වැය යනු ගාම්භීර ලියවිල්ලක් නමුත් පසුගිය වසර දෙක තුනේ එය ඉදිරිපත් කළ මුදල් ඇමැතිවරුන් කිහිප දෙනා අයවැයේ තිබූ ගාම්භීරත්වය නැති කළ බවත් අද එය බොරු ගණන් හිලව්වලින් පිරුණු පොඩි එකාගේ ලියුමක් බවට පත්ව ඇති බවත් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය. 


 මේ අතර ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂවලට පක්ෂව ඡන්දය දීමට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් තීරණය කර ඇති අතර සමස්ත අයවැයට සහාය දෙන්නේ ද නැද්ද යන්න මෙතෙක් තීරණය කර නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ඉරිද‌ා ලංකාදීපයට පැවැසීය.

 



අදහස් (0)

ජනපති වැය ශීර්ෂ දිනවන්න පොහොට්ටුවේ සහාය අනෙක් අමාත්‍යාංශවලට විරුද්ධව ඡන්දය දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site