(දයාසීලි ලියනගේ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුසියානු සංචාරයේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සවිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් හතරකට අත්සන් තබා ඇත.
දෙරට අතර ධීවර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුම, තාක්ෂණික සහයෝගීතා අවබෝධතා ගිවිසුම, සංස්කෘතික කටයුතු පිළිබඳ අවබෝධතා ගිවිසුම සහ සංචාරක කටයුතු පිළිබඳ අවබෝධතා ගිවිසුමට මෙසේ රාජ්‍ය නායකයන් ඉදිරියේ අත්සන් තබා ඇත.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරට සංචාරයේ යෙදුණි. මංගල සමරවීර, එස්.බී. නාවින්න, මහින්ද සමරසිංහ, සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් අමරතුංග, දයාසිරි ජයසේකර යන ඇමැතිවරු හා නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතාද මෙම සංචාරයට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd