IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජනපතිගේ පිළිතුරට කුඩා පක්ෂ කලකිරිලා

(අජන්ත කුමාර අගලකඩ) 

ආණ්ඩුවේ ප්‍රධානීන් තම අදහස්වලට ඇහුම්කන් නොදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ගණනාවක් දැඩි කලකිරීමට පත්ව සිටින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. 
යුගදනවි බලාගාර ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන ලෙස හවුල් පක්ෂ ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම ඊට ආසන්නම හේතුව බව ද එම ආරංචිමාර්ගවලින් පැවසේ. 

යුගදනවි බලාගාර ප්‍රශ්නය සම්බන්ධයෙන් හවුල් පක්ෂ ඉදිරිපත් කරන කරුණු සත්‍යයෙන් තොර බවත් දේශපාලන කාරණා සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෝ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කළ හැකි බවත් ජනාධිපතිවරයා හවුල් පක්ෂවල නායකයන්ට ඉකුත් සතියේ පිළිතුරු ලිපියකින් දැනුම් දුන්නේය. 


 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, අපේ ජනබල පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ගණනාවක් මෙලෙස කලකිරීමකට පත්ව සිටින බව වාර්තා වේ. 


 මේ අතර ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ කාර්යාලයේදී ඊයේ (23) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව සිටි බව ද ආරංචිමාර්ග සඳහන් කරයි. 


 ඇමැතිවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, අසංක නවරත්න, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ යන මහත්වරුන් ද, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ද එම සාකච්ඡාවට සහභාගි වීමට නියමිතව සිටි බව දැනගන්නට ඇත. 

 



අදහස් (0)

ජනපතිගේ පිළිතුරට කුඩා පක්ෂ කලකිරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site